පෙට්ටි තවාන
 


පහසුවෙන් ලබා ගත හැකි ප්ලාස්ටික් පෙට්ටි හෝ ලී පෙට්ටි මේ ස`දහා භාවිතා කළ හැක. දිග හා පළල පෙට්ටි අනුව වෙනස් වුවත් උස සෙ.මි. 15 ත් 20 ත් ප්‍රමාණයේ තිබිය යුතුය. පෙට්ටිය පතුල සිදුරු කොට ජල වහනය සදහා අවස්ථා සලසා දිය යුතුය. අඩියට ගල් තට්ටුවක් ඇසිරීමද කළ හැකි අතු- ඒ මත කොළ රොඩු තට්ටුවක් දමා තවාන් මිශ්‍රණයෙන් පෙට්ටිය පුරවා ගත හැක. අවශ්‍ය විට එළිමහනේ තබාගත හැකි වීමත් අවශ්‍ය විට නිවසේ තබා ගත හැකි වීමත්, එහා මෙහා කළ හැකි වීමත්, ප්‍රවාහනය කිරීම පහසු විමත් පෙට්ටි තවානේ වාසි වේ.

 

(c) Shilpa Sayura Foundation 2006-2017