උස තවාන්
 

1. පාන්තියක පළල මීටරයක වැඩි නොකරන්න.
2. පාන්තියේ උස සෙ. මීටර 15 කට සීමා කරන්න.
3. පස් පෙරළා කැටි පොඩි කොටය. සෙ. මීටර 10 ක් උසට එම පස්ද, සෙ. මීටර 5 ක් උසට සකස් කළ පස් මිශ්‍රණයද අතුරා කර ගන්න.
4. පාන්තියේ දිග නඩත්තුව හා පහසුකම් අනුව තීරණය කරගත යුතුය.
5. හොදින් ජල වහනය සිදුවන තවාන් වර්ගයක් නිසා අධික වැසි සහිත ප්‍රදේශවලට උස් තවාන් වඩාත් සුදුසුය.

(c) Shilpa Sayura Foundation 2006-2017