තවාන් සඳහා පස සැකසීම
 

තෝරාගත් ස්ථානය සංවර්ධනය කර ගැනිම
* පස ආම්ලික නම් හුණු යොදා යථා තත්ත්වයට පත් කර ගැනීම
* ආරක්ෂිත ස්ථාන වැටවල් මගින් ආරක්ෂා කර ගැනීම
* සුළං බාධක යොදා සුළගින් වන හානි අවම කිරීම
* සෙවන සහිත ස්ථාන වලට හිරු එළිය ලැඛෙන සේ කටයුතු කිරීම
* දුර්වල ජල වහනය සදහා සුදුසු පිලියම් යෙදීම
* සෝදා පාලූ ස්ථානවල පස සංරක්ෂණය වන සේ බෑවුම් අඩු කර යොදා ගැනීම

තවාන් බිම් සැකසීම
* වල්පැල උදලූ ගා ඉවත් කිරීම
* සෙ. මීටර් 20-25 ගැඹුරට පස පෙරලීම
* නොදිරන පොලිතින් ප්ලාස්ටික්, ගල්වැනි ද්‍රව්‍ය භූගත ශාක කොටස් හා බහු වාර්ෂික වල් පැලෑටි හා පලිබෝධ ඉවත් කිරීම
* හොදින් කැටි පොඩිකර පස සියුම් තත්වයට පත්කිරීම

තවාන් පස් මිශ්‍රණය සකස් කිරීම
* හොදින් දිරාපත් වු ගොම භාවිතා කරන්න.
* බෝගයක් වගා නොකල ස්ථානයකින් මතු පිට පස් ලබාගන්න
* පස් සහ ගොම සල්ලඩයකින් හලාගන්න. සල්ලඩයක් නැති අවස්ථාවල දැල් ගෝනියක් භාවිතා කරන්න.
* මතු පිට පස් 1: දිරූ ගොම 1: මිශ්‍රණය සකසා ගන්න. තෙක් මිශ්‍ර කරන්න.
* සකස් කරන ලද පාන්තිය මතුපිට සෙ. මීටර 5 ක් පමණ උසට එම පස් මිශ්‍රණය යොදන්න.

තවාන් වර්ගය තෝරා ගැනීම
* කාලගුණ තත්ත්වයන්ට උචිත වන සේ පාත්ති වර්ගය තෝරා ගන්න.
* වර්ෂාව අධික ස්ථාන වලට උස් තවාන්ද, වියළි ස්ථානවලට ගිල් වු තවාන්ද භාවිතා කිරීම සුදුසුය.

(c) Shilpa Sayura Foundation 2006-2017