තවාන සදහා සුදුසු භූමියක් තේරිමේදි වැදගත් වන කරුණු
 

* අධික බෑවුම් සහිත ස්ථානයක් නොවීම
* ගල් බොරළු රහිත සමතලා බිමක් වීම
* ජල වහනය හොදින් සිදුවීම
* එකම කුලයේ ශාක දිගින් දිගටම වගා නොකිරීම
* අවශ්‍ය පරිදි හිරු එළිය ලැබීම
* පහසුවෙන් ජලය ලබා ගත හැකිවීම
* පහසුවෙන් පිවිසිය හැකි මාර්ග පහසුකම් සහිත ස්ථානයක් වීම හා ක්ෂේත්‍රයට හා වෙළ`දපොළට ආසන්න වීම.
* නිරත පරික්ෂාවට ලක්කල හැකි සේ තවාන්කරුගේ නිවසට ආසන්නව තිබීම
* ආරක්ෂිත ලෙස පවතින ස්ථානයක් වීම
* පලිබෝධ උවදුරු හා වල් පැලෑටිවලින් තොර වු ස්ථානයක් වීම
* ලාභදායක ලෙස යෙදවුම් ලබාගත හැකි ස්ථානයක් විම
* තද සුළං සහිත ස්ථානයක් නොවීම

තවාන් දැමීමේ ක්‍රියාවලිය
* තෝරාගත් ස්ථානය සංවර්ධනය කර ගැනීම
* තවාන් බිම සැකසීම
* තවාන සදහා පස් මිශ්‍රණයක් සැකසීම
* තවාන් පස ජීවානු හරනය කිරිම
* බීජ ප්‍රතිකාර කර බීජ තැන්පත් කිරීම
* තවාන්වලට වසුන් යෙදීම හා වසුන් ඉවත් කිරිම

(c) Shilpa Sayura Foundation 2006-2017