පලතුරු බෝග, ස්ථීර වැවිලි බෝග සහ අපනයන කෘෂි කාර්මික බෝග රාශියක් පැල තේරිමක් කර තෝරා ගත් නිරෝගි පැළ පමණක් සිටුවා ගැනීමෙන් වැඩි ආර්ථීක වාසි ලබාගත හැකිය.
ක්ෂේත්රයේ ඒකාකාරි සමතාවයකින් යුත්, වගාවක් සදහා සුදුසු පැල ලබා ගැනීම, අඩු ශ්‍රමය, අඩුවියදම, අඩු යෙදවුම මගින් උසස් නිෂ්පාදනයක් සහිත පැළ ලබාගත හැකිවීම.
යෙදිය යුතු බීජ ප්‍රමාණය සීමිත නිසා බීජවලට යන වියදම අඩුවීම. තවානේ රැදෙන කාලය නිසා ක්ෂේත්රයේ වැඩ කටයුතු පිළියෙල කර ගැනීමට වැඩි කාලයක් ලැබීම
වර්ධනය සෙමින් සිදුවන කුඩා බීජ සහිත වර්ගවල බීජපැල තවාන් කිරීම මගින් වැඩි පැල සංඛ්‍යාවක් කලට වේලාවට ලබාගත හැකිවීම එම වාසිදායක තත්ත්වයන්ය.
නවාතැන් බිහි කරනු ලබන පැළ ක්ෂේත්රයේ සිටුවීමෙන් පසුව ක්ෂේත්රයේ දි පසු බෑමක් සිදුවිය හැකිය. මෙය එළවළු වගාවේදි බහුලව දක්නට ලැබේ. එම පසුබෑමේ ක්‍රියාවලිය වලකා ලීම සදහා බීජ ඉසීමේ සිට පැළ උදුරා සිටවීම තෙක් ඉටුකළ යුතු වැදගත් කරුණු රාශියකි.
1. තවාන් පිහිටුවීමේ දිනය තීරණය කළ යුත්තෙ පැළ සිටුවීමේ දිනය තීරණය කිරීමෙන් පසුය. නිකරුනේ පැළ විනාශ වීම මින් වලකින අතර, නිසි වයසට පත් වු පැළ ඒ විගසින්ම ක්ෂේත්රයේ සිටුවිය හැකිය.
2. උසස් නිෂ්පාදන ශක්තියක් ඇති සුදුසු බීජ පමණක් තවාන් කිරීම
3. තවාන් සදහා තෝරා ගන්නා භූමිය හොදින් කොටා සියුම් ලෙස පස පිළියෙල කිරීම
4. බීජ ප්‍රතිකාර කර සිටුවීමෙන් නිරෝගි පැළ ලබා ගැනීම
5. කාලගුණික තත්ත්වයන්ට සුදුසු වන සේ තවාන් වර්ගය තෝරා ගැනීම
6. මුල මණ්ඩලය ස්ථාවර වන සේ අවශ්‍ය පරිදි කාබනික ද්‍රව්‍ය තවානට යොදා ගැනීම
7. පශ්චාත් සාත්තු නියමිත වකවානුවේදි ඉටු කිරීම
8. පැළ ක්ෂේත්රයේ සිටුවීමේ වයස ඒ ඒ බෝගයන්ට උචිත වන පරිදි ඉටු කිරීම
9. බීජ පැළවීමට ගතවන කාලය සහ බීජ පැල ගැලවීමේ වයස පිළිබද දැනුවත් වීම
10. සිටුවිමට පැළ ලබා ගැනීමට පෙර තවානේ ඇති රෝගි සහ දුර්වල පැළ ඉවත් කිරීම
11. පැළ ගැලවීම උදය හෝ සවස් කාලයේ පමණක් සිදු කිරීම
12. පැළ ගැළවීම පෙර දින තවානට අවශ්‍ය පමණ ජලය යොදා පස බුරුල් කර ගැනිම
13. පැළ ගැලවීමේදි මුල්වරට හානි නොවන ලෙස පස් කුට්ටියක් සමග ගළවා ගැනීම
14. පටක තුවාල නොවන සේ වායව කොටසේ ඇති බීජ පත්‍ර තදින් ස්පර්ශ නොකිරීම
15. දුර බැහැරට පැළ ප්‍රවාහනය කරන්නේ නම් ක්‍රමානුකූලව ඇහිරීමෙන් වියළීම මග හැරවිම.