තවාන් අවශ්‍යතාවය
 

වැඩි ආදායමක් ලබා ගැනීම නූතන වගා කරුවන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත. වැඩි ආදායමක් ස`දහා වැඩි අස්වැන්නක් ලබාගත යුතුය. වැඩි අස්වැන්නක් ලබා ගැනීම සදහා භාවිතා කරන ශිල්ප ක්‍රම ආකාරයට, තවාන් දමා පැල සිටුවීම ද වැදගත් වී ඇත.

ක්ෂේත්‍රයේ පවතින පාරිසරික තත්ත්වයන්ට ඔරොත්තු දීමට හැකි වන සේ හැඩ ගැසෙන තෙක්, පැළ රැකබලා ගන්නා ස්ථානය තවාන යනුවෙන් හදුන්වනු ලැබේ. මේ නිසා බොහෝ වගාවන් හි අත්තිවාරම ලෙස ද තවාන හදුන්වයි.
අප වගා කරනු ලබන ගෝවා, මල් ගෝවා, බටු, මිරිස්, තක්කාලි, ලීක්ස්, සලාද, නෝකෝල් බීජ එකවරම ක්ෂේත්‍රයේ සිටුවන්නේ නැත.

එයට හේතුව උෂ්ණත්වය, වර්ෂාව, සුළග වැනි පාරිසරික සාධකවල ඇති දැඩි බලපෑමට එම බීජවල ඔරෝත්තු දීමේ හැකියාව අඩුවීමයි. ඒ නිසා ඒවා තවානක යොදා එහිදි ඇතිවන රෝගි සහ දුර්වල පැල ඉවත් කොට ක්ෂේත්‍රයේ සිටුවනු ලැබේ.

සමහර බෝග වර්ග තවාන දමන්නේ නැතිව සිටුවා ගත හැකිය. පොල්, පුවක් වැනි බෝග බීජ තවාන් කර පැළ ලබා ගැනීමෙන් ද කෙලින්ම ක්ෂේත්‍රයේ බීජ සිටුවීම මගින් ද පැල ලබාගත හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017