බීජවලට ප්‍රරෝහණය ස`දහා අවශ්‍ය බාහිර සහ අභ්‍යන්තර සාධක සියල්ල ලබාදි තිබියදීත් කලලය අක්‍රියව වැඩීම නතර වි තිබීම, බීජ අක්‍රියතාවය ලෙස හදුන්වනු ලැබේ. සමහර අවස්ථාවල එය බීජ සුප්තතාවය ලෙසද හදුන්වයි. එය,
1. පරිසර සාධක අනුව
2. ප්‍රේරණය වීම අනුව
3. බීඩාවරණය තුළ ක්‍රියාත්මක වන ක්‍රියාවලියන් අනුව යන ත්‍රිවිධාකාරයෙන් සිදුවිය හැකිය.
පරිසර සාධක බලපෑම නිසා ඇතිවන සුප්තතාව ලෙස හදුන්වනු ලැබේ. පරිසර බාධා ඉවත් කළ විට පවරන සුප්තතාවය ඉවත් වී යයි. බීජ ගබඩා කිරීමේ දි එම පරිසර වෙනස උපයෝගි කර ගනි. ප්‍රේරණය විමට උදාහරණයක් ලෙස බීජයේ ගුණ බිජාවරණයේ බලපෑම නිසා කලලයේ ප්‍රරෝහණය නැවතීම දැක්විය හැක. එය ප්‍රේරිත සුප්තතාවය ලෙස ද හැදින්වේ.
ප්‍රරෝහණයට අවශ්‍ය සාධක සියල්ල ලබා දී තිබුණත අස්වැන්න නෙලූ විගස බීජ ප්‍රරෝහණය නොවී පවති. එය බීජය තුළ ක්‍රියාත්මක වන ක්‍රියාවලියන් නිසා සිදු වේ. මෙය සත්‍ය සුප්තතාවය ලෙස හැදින්වේ.
බීජ අක්‍රියතාවයට ප්‍රධාන හේතු
1. ඝණ අපාරගම්‍ය බීජාවරණ තිබීම
2. නොමේරු කලලයන්ගෙන් යුක්තවීම
3. අක්‍රිය කලලයන්ගෙන් යුක්තවීම
4. ඉතාමත් තද බාධක ඇටපොතුවලින් යුක්ත වීම
5. නිශේධන ද්‍රව්‍යයන් අඩංගු වී තිබීම
අක්‍රියතාවය ඉවත් කිරීම
i. උෂ්ණත්ව ප්‍රතිකර්ම
ii. පහල උෂ්ණත්වයක නිසි ලෙස ගබඩා කිරීම
iii. වෙනස් වන උෂ්ණත්වලට පත් කිරීම
අන්තාපල්වල අක්‍රීය කලලය ටික කලක් අයිස් පෙට්ටියක තබා උෂ්ණත්වය වෙනස් කිරීමට එළියේ තැබීමෙන් කළ හැක.
iv. උෂ්ණත්වය පාලනය කරන ලද මැදිරිවල වැලි ස්ථරවල තැබීම
v. වැඩි උෂ්ණත්වයක තැබීම