රැග්ඩොල් ක්‍රමය
අඩියක පමණ කපු රෙදි කැබැල්ලක් හෝ ගෝනියක් ගෙන එහි හරි අඩක බීජ 100 ක් බීජ 10 යේ පේලි ලෙස අතුරා ගන්න. ඉන්පසු, රෙදි කැබැල්ලේ අතින් අඩින් බීජ වසා ගන්න. එම රෙදි කැබැල්ල කෝටුවක් වටා දෙපැත්තේ ඔතා ගැට ගසන්න. රෙදි කැබැල්ලේ එක කෙළවරක් ජලයෙන් වැසෙන පරිදි ජල බදුනක එය ගිල්වා ජලය උරා ගැනීමට සලස්වන්න. උෂ්ණත්වය අවශ්‍ය පරිදි ලබාදීම්ට සලස්වා බීජවල පැළ වී ඇති ප්‍රතිශතය දින කිහිපයකින් සොයා ගන්න.
තවාන් පෙට්ටි ක්‍රමය
බීජ සාම්පලයක් ගෙන එය ජීවානුහරණය කරන ලද, වැලි අතුරන ලද තවාන් පෙට්ටියක සිටුවා ගනු ලැබේ. තවාන් පෙට්ටිය සදහා ලී පෙට්ටියක්. මැටි හෝ ලෝහ භාජනයක් යොදා ගත හැකිය. එම බීජ පස් වලින් වසා ජලය සපයා පොලිතින් කොළයකින් ද වසා තැබීම සුදුසුය. අවශ්‍ය උෂ්ණත්වය පරිසරයක තබා බීජ පැළවෙන දිනය තුළ ප්‍රරෝහණ ප්‍රතිශතය පරීක්ෂා කරන්න.
රසායනික ක්‍රමය
ජලයේ ගිල්වන ලද බීජ දික් අතට කැපීමෙන් පසු රසායනික ද්‍රව්‍යයක් වු 2-3-5 ට්රයිපීනයිල් ටෙට්රාපෝලියම් ක්ලෝරයිඩ් 0.5 ක් ජලය 100 මි.ලි. 200 දක්වා වු ප්‍රමාණයක දිය කර බීජ කලලයේ ඇති පියලි වලට යොදයි. අවර්ණ වනුයේ පැරණි බීජය. ප්‍රරෝහණ ශක්තිය අධික නම් තද රතුය. දුර්වල නම් ලා රතු වර්ණ ද ගනී. මෙහිදි ඇති වනුයේ හෝමොසෑන් නම් රසායනික ද්‍රව්‍යයයි. බීජවල වර්ණය ලබාගැනීමට තිබිය යුතු කාලය ද වෙනස් වේ. උදාහරණ බෝංචචි සදහා පැය 6-12 දක්වා ද බඩ ඉරිගු සදහා පැය 2-4 අතර ද වේ.
ප්‍රරෝහණ පරීක්ෂයක වැදගත්කම
• සිටුවීමට අවශ්‍ය බීජ ප්‍රමාණය නිසි පරිදි තක්සේරු කර ගැනීම
• වගා ක්ෂේත්රයේ හිස් තැන් පිරවීම සදහා යෙදිය යුතු ශ්‍රමය, කාලය සහ මුදල් ඉතිරි වීම
• බීජ ගබඩාවල අවශ්‍යතාවයන් හා ගබඩාවල කාර්යක්ෂමතාවයන් නිශ්චය කර ගැනීමිට හැකිවීම