Commands and Requests - විධාන සහ ආයාචන
 

ඉංග්‍රීසි කථනය කේන්ද්‍රිය වන්නේ විධාන සහ ආයාචන තුළයි.
විධාන දීමේ දී මුල් වන්නේ ක්‍රියා පදයයි. ක්‍රියා මූලයයි.
ආයාචනයකදී ප්ලීස් Please යනුවෙන් ඉදිරියෙන් යෙදේ.

ක්‍රියා පද 60-70 ක් පමණ කටට හුරුකර මතකයේ රඳවාගත් අයෙකුට සාමාන්‍ය කථනය ඉතා පහසු වේ.

Ex :-

(1) ගේන්න ඕක මෙහෙට.
Please bring it here. (බ්‍රින් ඉට් හිය)

(2) කන්න මොනාහරි ගේන්න.
Please bring something to eat. (බ්‍රින් සම්තිං ටු ඊට්)

(3) මෙහෙට ගේන්න.
bring here. (බ්‍රින් හිය)

(4) ගේන්න ඔයාගේ පොත.
Please bring your book. (බ්‍රින් යෝ බුක්)

(5) ඔයා ගේන්න ඕක.
Can you bring it? (යූ බ්‍රින් ඉට්)
ඔයා ගේන්න ඕක මෙහෙට.
You bring it here. (යූ බ්‍රින් ඉට් හිය)

(6) ඔයා ඕක මෙහෙට ගේන්නකෝ
You bring it here, will you. (යූ බ්‍රින් ඉට් හිය, විල් යූ)

(7) ගේන්න බොන්න මොනාහරි.
Please bring something to drink. (බ්‍රින් සම්තිං ටූ ඩ්‍රින්ක්)

(8) ඕක ආපහු ගේන්න.
Bring it back please. (බ්‍රින් ඉට් බැක්)

(9) ඕක මෙහට ගේන්න ඉක්මනට.
Bring it here soon. (බ්‍රින් ඉට් හිය සූන්)

(10) හොඳි ටිකක් ගේන්න.
Please bring some gravy. (බ්‍රින් සම් ග්‍රේවි)

(11) මගෙ ටවල් එක ගේන්න.
Please bring my towel. (බ්‍රින් මයි ටවල්)

(12) ගේන්න ඔය පෑන.
Bring that pen. (බ්‍රින් දැට් පෙන්)

(13) ඔය පෑන ගේන්නකෝ.
Bring that pen, will you. (බ්‍රින් දැට් පෙන්, විල් යූ)

(14) චුට්ටක් ඕක මෙහෙට ගේන්න.
Just bring it here. (ජස්ට් බ්‍රින් ඉට් හිය)

(15) ගේන්න සීනි කිලෝ බාගයයි, පාන් රාත්තලයි.
Bring half a kilo of sugar and loaf of bread.
(බ්‍රින් හාෆ් අ කිලෝ ඔෆ් ෂුග ඇන්ඩ් වන් ලෝෆ් ඔෆ් බ්රෙඩ්)

(16) පෙන්නන්න මට ඔයාගේ පෑන.
Show me your pen. (ෂෝ මී යෝ පෙන්)

(18) මේ බලන්න.
See here. (සී හිය)

(20) කරුණාකර, පෙන්නන්න මට ඔබේ ගමන් බලපත්රය.
Please, show me your passport. (ප්ලීස්, ෂෝ මී යෝ පාස්පෝට්)

(21) නිකමට පෙන්නන් මට ඔය ලියුම.
Just show me that latter. (ජස්ට් ෂෝ මී දැට් ලෙට)

(22) මේ බලන්න ගොළුබෙල්ලෙක්.
See here, a snail. (සී හිය, අ ස්නේල්)

(23) බලන්න වෙනස.
See the difference. (සී ද ඩිෆරන්ස්)

(24) පෙන්නන්න මට වෙනස.
Show me the difference. (ෂෝ මී ද ඩිෆරන්ස්)

(25) බලන්න මුහුද.
See the sea. (සී ද සී)

(26) බලන්න මගෙ මුහුණ .
See my face.
(සී මයි ෆේස් )

(27) ඕක මෙතනින් තියන්න.
Keep it here. (කීප් ඉට් හිය)

(28) තියන්න ඕක මේසෙ උඩින්.
Keep it on the table. (කීප් ඉට් ඔන් ද ටේබල්)

(29) ඕක ඇතුළෙන් තියන්න.
Keep it inside. (කීප් ඉට් ඉන්සයිඩ්)

(30) ඕක එළියෙන් තියන්න.
Keep it out. (කීප් ඉට් අවුට්)

(31) තියන්න මේක කාමරෙන්.
Keep this in the room. (කීප් දිස් ඉන් ද රූම්)

(32) මේක මට පේන තැනකින් තියන්න.
Keep this where I can see it. (කීප් දිස් වෙයා අයි කැන් සී ඉට්)

(33) තියන්න මේ පොත මේසෙ උඩින්.
Keep this book on the table. (කීප් දිස් බුක් ඔන් ද ටේබල්)

(34) තියන්න ඕක මගෙ ළඟින්.
Keep it closer to me. (කීප් ඉට් ක්ලෝසර් ටූ මී)

(35) තියන්න ඕක ඈතින්.
Keep it away. (කීප් ඉට් අවේ)

(36) ඒක ඔයාම තියාගන්න.
Keep it yourself. (කීප් ඉට් යෝ සෙල්ෆ්)

(37) එය රහසක්ව තබා ගන්න.
Keep it secret. (කීප් ඉටි සීක්‍රට්)

(38) ඒක ඔයා තියාගන්න.
Keep it with you. (කීප් ඉට් විත් යූ)

(39) ඉතුරු සල්ලි ඔයා තියාගන්න.
Keep the change with you. (කීප් ද චේන්ජ් විත් යූ)

(40) නියමිත ධාවන තීරුවේ ගමන් කරන්න.
Keep to the lane. (කීප් ටු ද ලේන්)

(41) තීරණයක් ගන්න දැන්.
Take a decision now. (ටේක් අ ඩියිෂන් නව්)

(43) මාව ගෙදර එක්ක යන්න.
Take me home. (ටේක් මී හෝම්)

(44) ගන්න හරි වෙලාවෙ හරි තීරණ.
Take the right decision at the right time.
(ටේක් ද රයිට් ඩිෂිසන් ඇට් ද රයිට් ටයිම්)

(45) මගෙ අත අල්ල ගන්න.
Take my hand. (ටේක් මයි හෑන්ඩි)

(46) කරුණාකරලා ඔයාගේ අත පැත්තකට ගන්න.
Take your hand off. (ටේක් යෝ හෑන්ඩි ඕෆ්)

(47) ඕක මෙහෙට දෙන්න.
Give it here. (ගිව් ඉට් හිය)

(48) ඕක මෙහෙට දෙන්න.
Get it here. (ගෙට් ඉට් හිය)

(49) මට කන්න මොනාහරි දෙන්න.
Give me something to eat. (ගිව් මී සම්තිං ටු ඊට්)

(50) කට සෝදා ගන්න.
Rinse your mouth. (රින්ස් යෝ මවුත්)

(51) කරන්න ඒක දැන්මම, කරුණාකරලා.
Do it right now. Please. (ඩූ ඉට් රයිට් නව්, ප්ලීස්)

(52) නිකමට මෙග අංකය ලියා ගන්න.
Just take down my number. (ජස්ට් ටේක් ඩවුන් මයි නම්බර්)

(53) නවත්තන්න ඕක දැන්.
Stop it now. (ස්ටොප් ඉට් නව්)

(54) කරුණාකරලා අඬන එක නවත්තන්න.
Please stop crying. (ප්ලීස් ස්ටොප් ක්‍රයින්)

(55) කරුණාකරලා මගෙ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන එක නවත්වන්න.
Please stop playing with my life. (ප්ලීස් ස්ටොප් ප්ලේයින් විත් මයි ලයිෆ්)

(56) ඕක දැන්මම නවත්වන්න.
Stop it right now. (ස්ටොප් ඉට් රයිට් නව්)

(57) පිළිගන්න මගේ අවවාදය..
Take my advice. (ටේක් මයි ඇඩ්වයිස්)

(c) Shilpa Sayura Foundation 2006-2017