බීජයක් පසෙහි තැන්පත් කළ අවස්ථාවේ සිට නව පැලයක් බිහි වන තෙක් සිදුවන ක්‍රියාවලිය ප්‍රරෝහණය ලෙස හැදින්වේ. බීජ ප්‍රරෝහනය සදහා අභ්‍යන්තර සාධක මෙන්ම බාහිර සාධකද අවශ්‍ය වේ.
බීජ ප්‍රරෝහණය ස`දහා බලපාන අභ්‍යන්තර සාධක
1. සුප්ත කාකලය සම්පූර්ණ වි තිබිම
2. බිජයන්ගේ වයස (බීජවල ජීව්‍යතාවය)
3. බීජයේ ඇති වර්ධනය පාලනය කරන ද්‍රව්‍ය ප්‍රමාණය
4. සංචිත ආහාර ප්‍රමාණය
5. ප්‍රාක් ප්ලාස්මිය ප්‍රෝටීනවල තත්ත්වය
බාහිර සාධක
උෂ්ණත්වය, ජලය ඔක්සිජන් (වාතය)
සිටුවීමට සුදුසු බීජ වල තිබිය යුතු ලක්ෂණ
1. හොද ප්‍රරෝහණ ශක්තියකින් යුක්තවිම
2. ප්‍රදේශයට යෝග්‍යයැයි නිර්දේශ කර තිබීම
3. අප ද්‍රව්‍ය ප්‍රමාණය අවම වීම
4. වල් පැලෑටි බීජ වලින් තොරවීම
5. ප්‍රවේනික පරිශුද්ධතාවය සහිත බීජවීම
6. සංචිත ආහාර වැඩි පිරිණු බීජවීම
7. කෘමිහානි වලින් තොරවු බීජ වීම
8. මානව විකසනය වු ඒකාකාරි බීජවීම
9. නිරෝගි බීජ සහ ඒවා ලබාගත් වගාව නිරෝගිවීම
10. සුප්ත අවස්ථාව ගත කොට තිබීම.
ප්‍රරෝහණ ශක්තිය පරීක්ෂා කිරීම
මෙහිදි පුර්ව අවශ්‍යතා කිහිපයක් ගැන සැලකිලිමත් විය යුතුය.
1. සම්මත බීජ ප්‍රමාණයක් ලබා ගැනීම. මේ සදහා බීජ ප්‍රරෝහණයේ ප්‍රතිශතයක් සේ ගැනීම වැදගත්ය.
2. පරීක්ෂණයට යොදා ගන්නා බීජ සාම්පලය අහඹු ලෙස ලබා ගැනිම
3. තෙතමනය නිවැරදි ප්‍රමාණයයෙන් පාලනය කිරීම
4. බීජ ප්‍රරෝහණ මධ්‍යයේ නිශ්චිත පරතරයක සිටුවීම
5. ප්රරෝහණයට අවශ්‍ය සාධක නිසි ලෙස සැපයීම
ප්‍රරෝහණ මාධ්‍යයන්
වැලි, පෙරහන් කඩදාසි, මතුපිට පස් සහ කොම්පොස්ට් පොහොර මිශ්රණයන් යොදා ගත හැකිය.
රෝපණ මාධ්‍යය තැන්පත් කිරීම
තවාන් පෙට්ටි, මැටි බදුන් හෝ පෙට්ටි්ර දීසිවල කරනු ලැබේ. ඉන්පසුව පාලනය කළ මැදිරිවල තැබීමෙන් සාපේක්ෂ ආර්ද්‍රතාව සහ උෂ්ණත්වය පාලනය කොට දින පහකින් පමණ වරට බැලිය යුතුය. බීජ අනුව පරීක්ෂණ දින ගණන වෙනස් වේ.