බීජ ප්‍රරෝහණය
 

බටර් බෝංචි වැනි ද්වි බීජ පත්‍රි බීජවල අනුද්වාරයෙන් ජලය උරා ගැනීම මගින් ඉදිමේ. එම ඉදිමීමෙන් බීජයේ බීජාවරණය පුපුරයි. ඒ සමග ක්‍රියාකාරී වන එන්සයිම වල ආධාරයෙන් සංචිත ආහාර ද්‍රාවණය වී බීජ පත්‍ර දරණ අක්ෂයට පෝෂණය ලබාදෙයි. ඒ මගින් පළමුව බීජ මූල්‍ය පොළොව තුලට ගමන් කරවයි. ඉන් පසුව බීජ පත්‍රවලට පහළින් බීජධරය නම් ව්‍යුහයක් ඇති වී බීජ පත්‍ර ඉහළට ඔසවා පොළොවෙන් ඉහළට ගෙන ගොස් බීජාංකුරය වැඩීමට සලස්වයි. මෙලෙස බීජ පත්‍ර පොළොවෙන් ඉහළට ගෙන වැඩෙන ප්‍රරෝහණය අපි හෞම ප්‍රරෝහණය වන අතර එවැනි බිජ අපි හෞම ලෙස හදුන්වයි. නිල් බෝංචි බීජ ප්‍රරෝහණය විමේදි බීජ පත්‍ර පොලොවෙන් පිටතට පැමිණෙන්නේ නැත.
පොල්, වී, කඩල, කුරක්කන්, ඉරිගු වැනි ශාක වල බීජ පොලොව යට රැදී සිටියදි පොළොව තුළට බීජ මූලය ගමන් කරයි. බීජ පත්‍රවලට පහළින් බීජෝපරිය නම් ව්‍යුහයක් ඇති වී බීජ පත්‍ර පොළොව යට රදවමින් බීජාංකුරට පමණක් ඉහළට වර්ධනය කරවනු ලැබේ.
බීජ පත්‍ර පොලොව යට පවත්වමින් සිදුවන මෙවැනි ප්‍රරෝහණය අධෝහෞම ප්‍රරෝහන ලෙස නම් කෙරේ. එවැනි බීජ අධෝහෞම බීජ වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017