එය ජීවන ප්‍රවෘත්තියට ආරම්භ මෙන්ම, අවසානයද එකවර නිරූපනය කරයි. එය බීජ වරණයෙන් ආවරණය වී බීජ පත්‍ර ආශ්රිත අක්‍රීය කලලයක් දරයි. එමෙන්ම බීජයක් යනු සංසේචනය සිදුවි පිරිනත ඩිම්බයක් ලෙස හදුන්වන අතර එය ජාන මගින් ආවේණික ලක්ෂණ සම්ප්‍රේෂණය කරමින් ශාක පරපුර පවත්වා ගෙන යාමේ ඒකකය ලෙසද ක්‍රියා කරනු ලබයි. බීජය ඉතා කුඩා ශාකයක් හෙවත් කලලයකින් යුක්ත වේ. එයට අවශ්‍ය පෝෂණය ලබා දීමට සංචිත ආහාර අඩංගු හෘණපෝෂකයක්ද ඒවා ආරක්ෂා කර ගැනීම සදහා බිජාවරණය නම්පටලයක්ද බීජයක ඇත.
කලලය බීජ පත්‍ර එකක් හෝ දෙකකින් සමන්විත වි තිබිය හැකිය. එක බීජ පත්‍රයක් ඇත්නම් එය එක බීජ පත්‍රී බීජලෙස බීජ පත්‍ර දෙකක් ඇත්නම් එය ද්වි බීජ පත්‍ර ලෙසද හැදින්වේ.
බීජ පත්‍ර අක්ෂයට සම්බන්ධ වන ස්ථානයට ඉහළින් කොටස බිජාංකුරය යයි කියනු ලබන අතර පහල කොටස බීජාධරය ලෙසද නම් කරයි. බීජාධරයේ පහළින්ම කොටස බීජ මුලය වෙයි. බීජය ඩිම්බ අවස්ථාවේ ඒ ඩිම්බ කෝෂයට සවි වි තිබු ස්ථානය බීජ ලපය ලෙස නම් කරයි. බිජ ලපයේ එක් පැත්තක කුඩා සිදුරක් ඇත. එය අනුද්වාරය ලෙස හැදින්වේ.