කමක් නෑ
* When to use :- (වෙන් ටූ යූස්) - යොදන අවස්ථාව
ආවට කමක් නෑ, ගියාට කමක් නෑ, උනාට කමක් නෑ , වෙනස් කළාට කමක් නෑ මේක යනාදි අදහස් වල "කමක් නෑ" යන අදහස ලබා ගනුයේ might as well මගින් පැවසෙන්නේ ද එම අදහසමයි.
මේවා සර්වසම භාවිතයන් ලෙස යෙදිය හැකි අතර, ඒක වචන, බහු වචන භේදයක් නැත.
(1) Subject (සබ්ජෙක්ට්)- උක්තය
(2) May as well / Might as well
(3) Verb Stem - වර්බ් ස්ටෙම් (ක්‍රියා ධාතුව) / (ක්‍රියා මූලය)
Ex :-
(1) ඔයා ගියාට කමක් නෑ දැන්.
You may as well go now. (යූ මේ ඈස්වෙල් ගෝ නව්)
You may go now ඔබට දැන් යන්න පුලුවන්
(2) ඔයා බැන්නට කමක් නෑ මට
You might as well scold me. (යූ මයිට් ඈස්වෙල් ස්කෝල්ඩ් මී)
(3) කමනි පරක්කු වුණාට කමක් නෑ
Kamani might as well get late. (කමනි මයිට් ඈස්වෙල් ගෙට් ලේට්)
(4) මහින්ද ඕනෑම තීරණයක් ගත්තට කමක් නෑ
Mahinda may as well take any decision.
(මහින්ද මේ ඈස්වෙල් ටේක් එනි ඩිසිෂන්)
(5) ඔයා මාව අමතක කළාට කමක් නෑ
You may as well forget me. (යූ මේ ඈස්වෙල් ෆොගෙට් මී)
(6) කමල් වෙනස් කළාට කමක් නෑ එයාගෙ අදහස
Kamal may as well change his idia.
(කමල් මේ ඈස්වෙල් චේන්ජ් හිස් අයිඩියා)
(7) ඔයා යාළුවන්ව විශ්වාස කළාට කමක් නෑ
You may as well believe friends.
(යූ මේ ඈස්වෙල් බිලිව් ෆ්‍රෙන්ඩ්ස්)
නමුත් අපේ රහස් කියන්න එපා හැමෝටම.
But don’t tell our secrets to everyone.
* may as well වෙනුවට might as well යෙදිය හැක.
(8) කමල් මට රිද්දුවට කමක් නෑ.
Kamal might as well hurt me.
(කමල් මයිට් ඈස්වෙල් හර්ට් මී)
(9) ඔයා මට බැන්නට කමක් නෑ .
You might as well scold me.
(යූ මයිට් ඈස්වෙල් ස්කෝල්ඩ් මී)
![](/sayura/images/logo2.png)