MAY BE - මේ බී
 


වර්තමානයේ සිදුවෙමින් පවතින ක්‍රියාවක් පිළිබඳව අනුමානයෙන් කථා කරන විට, එනවා ඇති, යනවා ඇති, වැඩ ඇති යනාදි වශයෙන් අදහස් පළ කිරීමට මෙම බස්වහර යොදා ගැනේ.

ආකෘතිය
(1) Subject (උක්තය) ක්‍රියාව කරන්නා
(2) May be ... ඇති
(3) Verb+ing (Present Participle)

May be ආධාරක පදයක් පමණී.

Ex :-
(1) කමනී නිදි ඇති දැන්.


Kamani may be sleeping now. (කමනී මේ බී ස්ලීපිං නව්)


(2) කමනී වැඩ ඇති අද.

Kamani may be working today.  (කමනී මේ බී වර්කිං ටුඩේ)


(3) අම්මා එනවා ඇති මඟ දැන්.

Mother may be coming on the way now. (මදර් මේ බී කමිං ඔන් ද වේ.)


(4) ඇය ලෑස්ති වෙනවා ඇති.
She may be getting dressed. (ශී මේ බී ගෙටිං ඩ්රෙස්ඩ්.)

(5) ඇය මොනවාහරි කරනවා ඇති .

She may be doing something. (ශී මේ බී ඩුයිං සම්තිං)


(6) ස්වර්ණමාලි නානවා ඇති.

Swarnamali may be having a bath (ස්වර්ණමාලී මේ බී හැවිං අ බාත්)


(7) චාරුලතා ටී.වී. බලනවා ඇති.
Charulatha may be watching T.V. (මේ බී වොචිං ටී වී)

(8) පූන්සිරි ටී.වී. බලනවා ඇති.

Punsiri may be watching T.V. (පූන්සිරි මේ බී වොචිං ටී වී.)

(9) අමල් බලන් ඉන්නවා ඇති ඔයා එනකන්.
Amal may be waiting for you. (අමල් මේ බී වේටිංග ෆො යූ.)

(10) රවි තාම සෙල්ලන් කරනවා ඇති.

Ravi may be still playing. (රවී මේ බී ස්ටිල් ප්ලෙයිං)


(11) ඔබ හීන මවනවා ඇති.

You may be dreaming. (යූ මේ බී ඩ්රීමිං)

(12) ඔබ විහිළු කරනවා ඇති.

You may be kidding. (යූ මේ බී කිඩිං.)

හත වාක්‍ය රටාව, may be වාක්‍ය මුලට යොදමින්ද, කටවහරේ අදහස් පළකෙරේ.

(1) කමනි නිදි ඇති.
May be Kamani is sleeping  (මේ බී කමණි ඊස් ස්ලීපිං.)

) කමනි දහවල් කෑම ගන්නවා ඇති.
May be Kamani is having lunch. (මේ බී කමණි ඊස් හැවිං ලන්ච්.

ඔබට ප්‍රශ්නයක් තියෙනවා ඇති.
May be you are having a problem (මේ බී යූ ආ හැවිං අ ප්‍රොබ්ලම්)

ඔබ දන්නා විවිධ ක්‍රියාපද ආදේශ කරමින් ද දන්නා හඳුනන අයගේ නම් වාක්‍ය ආරම්භයට යොදමින් වාක්‍ය නිර්මාණය කරමින් හුරුවන්න.

(1) .... am/is/are/was/were having dinner (රාත්‍රී ආහාරය ගනිමින් සිටිනවා)
(2) ..... am/is/are/was/were having a bath (නානවා)
(3) ..... am/is/are/was/were having fun (විනෝද වෙනවා)
(4) ..... am/is/are/was/were having a headache (ඔළුවෙ කැක්කුමක් තියෙනවා)
(5) ..... am/is/are/was/were having a nap (හාන්සිවෙලා ඉන්නවා)
(6) ..... am/is/are/was/were having something (මොනවා හරි කනවා)

(c) Shilpa Sayura Foundation 2006-2017