පාද 3ක් ඇති සංවෘත තල රූප ත්‍රිකෝණ ලෙස හැඳින්වේ.
ත්‍රිකෝණ වර්ගීකරණය
පාද අනුව | කෝණ අනුව |
පාද තුනම සමාන ත්‍රිකෝණ සමපාද ත්‍රිකෝණ වේ. AB = BC = CA | කෝණ 3ම සුළු කෝණ වූ ත්‍රිකෝණ සුළුකෝණී ත්‍රිකෝණ වේ. A^ < 900, B^ < 900, C^ < 900 |
පාද දෙකක් සමාන ත්‍රිකෝණ සම ද්විපාද ත්‍රිකෝණ වේ. AB = AC | එක් කෝණයක් 90 ක් වූ ත්‍රිකෝණ සෘජුකෝණී ත්‍රිකෝණ වේ. ABC^ = 900 |
පාද තුනම අසමාන ත්‍රිකෝණ විෂමපාද ත්‍රිකෝණ වේ. AB ≠ BC ≠ CA | එක් කෝණයක් මහා කෝණී වූ ත්‍රිකෝණ මහා කෝණී ත්‍රිකෝණ වේ. ABC^ > 900 |
ත්‍රිකෝණවල කෝණ ආශ්‍රිත ප්‍රමේයය
ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180 ක් වේ. a0 + b0 + c0 = 1800 | |
ත්‍රිකෝණයක එක් පාදයක් දික් කිරීමෙන් ඇතිවන බාහිර කෝණය අහ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුවට සමාන වේ. p0 = a0 + b0 |