සැවැන්දරා සහ වේටියර් තණකොළ භාවිතය
මෙය වාර්ෂික පැළෑටියකි. මීටරයක් පමණ උසට වැඬේ. ගංවතුර, නියගය හා ගිනනට ඔරොත්තු දෙයි. පත්ර හා මුල් පළිබෝධ නාශක හා රෝගවලට ඔරෝත්තු දෙයි. ශක්තිමත් මුල පද්ධතියක් සහිත ඉතා ඉක්මනින් වැඩෙන වර්ධක ප්රචාරණයෙන් බෝකර ගත යුතු ශාකයකි. සමෝච්ච රේඛා ලෙස සිටුවීමට වැදගත්ය.
* ලොකු සැවැන්දරා පදුරුවලින් කුඩා පදුරු වෙන් කරන්න.
* සෙ.මි. 20 පමණ ඉහළින් කපන්න.
* සෙ.මි 9 ට වැඩි මුල් ඉවත් කරන්න.
* සමෝච්චය දිගේ පස බුරුල් කර මුල් වක් නොහැසෙන සේ සිටුවන්න.
සැවැන්දරා සිටුවීම
* කන්න 2 කින් පමණ අතුරු පදුරු වැටුණු වැටියක් ලෙස සැලකේ.
ජලය පමණක් වැටියෙන් මුදාහැර සෝදා පාළුව ආරක්ෂා කිරීමට පහත සදහන් ලෙස දායක වේ.
අ. පස සමග ගලන ජලයේ වේගය බාල කිරීම.
ආ. පදුර උඩ පැත්තේ රදවාගත් පස් තට්ටුව.
ඇ. පස් රහිත ජලය අඩු වේගයකින් ගලායෑම.
ඈ. ඝනව මීටර් 3 (අඩි 9 පමණ) ගැඹුරුට වැඩි ඇති මුල් පස බැද තබයි.
වාසි
* ගල් වැටිවලට වඩා වියදම අඩුවිම.
* ශ්රමය අඩුවෙන් වැය කොට පහසුවෙන් තනා ගත හැකි වීම.
* අඩු නඩත්තුවකින් පස රැක ගත හැකි වීම.
* සුගන්ධය නිසා අහිතකර සතුන් පාලනය කිරීම.
* අධික ජල පීඩනවලට ඔරොත්තු දීම.