බෑවුම් සහිත ඉඩම්වල ජලය ගලා යන වේගය පාලනය කිරීම සදහා තැනින් තැන කට්ටි ලෙස වගා යොදනු ලැබේ.
සෝදා පාළුවට ඔරොත්තු දෙන ශාක විශේෂ මේ සදහා තෝරා ගනී.
අඩු පරතර සහිත කට්ටි වගා යෙදීම පාංශු සංරක්ෂණයේද වැදගත් වේ. අධික බෑවුම්වලදී ස්ථීර කට්ටි වගාවක් සුදුසු වේ. සමෝච්ච රේඛා අනුවද කට්ටි වගාව කල හැකි වේ. නමුත් කට්ටි වගාව සමාන්තර පේළි ලෙස බොහෝ විට යොදා ගනී.