රබර්, පොල්, පළතුරු වර්ග සහිත ඉඩම්වල ආවරණ බෝග බහුලව යොදා ඇත. පාංශු සංරක්ෂණයට රනිල කුලයේ ආවරණ බෝග ඉතා වැදගත් වේ.
* නයිට‍්‍රජන් ලබාදීම.
* පත‍්‍ර මගින් හා කදන් මගින් පස මතු පිට ආවරණය වන නිසා පාංශු ඛාදනය අවම විම.
* මුල් මගින් පස් අංශු රදවා තබා ගැනිම.
* ශාක වැටි ලෙස ක‍්‍රියා කරමින් පස් රදවා ගැනීම නිසා ද ඛාදනය වැලකේ.
* වැතුරුණු හාක චලනය ජල ගම් වේගය වලක්වයි.
* මුල් හා පස සම්බන්ධතාවය මගින් ජල අවශෝෂනය වැඩි කිරීම ද සිදු කරයි.
* මෙම ශාක දිරා යන විට ඇතිවන හ්‍යුමස් පසේ සාරත්වය රැකදෙයි.
* පසේ පැතුරුණු මුල පද්ධතිය පසේ වාතනය දියුණු කරයි.
* ආවරණ බෝග රෝග පාලනයට ආධාර වේ.
* වගා කරන බෝගවල මුල් ආශ‍්‍රිත රෝග රනික ශාකවලින් අඩුවන බව සොයොගෙන ඇත. දිලීරවලට හානි කරන ක්ෂුද්‍ර ජීවින්ට හිතකර වාතාවරණයක් රනිල ශාක බිහි කරයි. දිලීර වර්ධනය අඩාල කොට මුල් දිරා යාමේ වේගය වැඩි කිරීමටද ආවරණ බෝගවලින් සිදුවන බව සොයා ගෙන ඇත.
* බීජ මගින්පැළවිය යුතුය.
* පහසුවෙන් ගුණනය විය යුතුය.
* පසට හොදින් බැදි පැවතිය යුතුය.
* ප‍්‍රධාන බෝග සමග තරග නොකරන්නක් විය යුතුය.
* වර්ධනය වේගවත් විය යුතුය.
* කප්පාදු කිරිමට ඔරොත්ත දිය යුතුය.
* නියගයට පළිබෝධ හා රෝගවලට ප‍්‍රතිරෝධ විය යුතුය.
* ගැලවීමේ පහසු විය යුතුය.
* විෂ ද්‍රව්‍ය නිකුත් නොකල යුතුය.
* වල් පැළ සමග තරග කල හැකි බෝගයක් විය යුතුය.
ආවරණ බෝග හෙක්ටයාරයකට බීජ
පියුරේරියා පැසියලොයිඞ් කි.ග‍්‍රෑම් 6 හෙක්ටයාරයකට
කැලපගෝනියම් මුකුනොයිඩිස් කි.ග‍්‍රෑම් 6 හෙක්ටයාරයකට
සෙන්ට්‍රොසීමා පියුබන්ස් කි.ග‍්‍රෑම් 8 හෙක්ටයාරයකට
සටයිලෝ සැන්තස් ග‍්‍රැසිලස් කි.ග‍්‍රෑම් 4 හෙක්ටයාරයකට
ඩෙස්මෝඩියම් ඔවිලිපෝලියම් කි.ග‍්‍රෑම් 4 හෙක්ටයාරයකට