වසුන් යෙදීම
 

පිදුරු, ලී කුඩු, කොහුබත්, කඩදාසි, ප්ලාස්ටික්, වැනි ද්‍රව්‍ය යොදා ගනිමින් පස මතු පිට ආවරණය කර වැසීම මෙහිදි සිදුවේ. එය පාංශු වසුන් ලෙස හදුන්වයි.

* මෙයින් වර්ෂා ජලය කෙලින්ම පස මතු පිට ගැටීම වැලකේ.
* ප්ලාස්ටික් හැර අන් ද්‍රව්‍ය දිරාපත් වීමෙන් කාබනික ද්‍රව්‍ය එකතු වේ.
* පාංශු වසුන් මගින් පසේ උෂ්ණත්වය පාලනය වේ.
* සුළං ඛාදනය අඩු වේ.
* පාංශු ජීවින් ගහණය වැඩි වේ.
* වාෂ්පීකරණය අඩුවේ. වල්පැළ පාලනය වේ.

රබර් වගාවක් මුල් කාලයේදී පාංශු වසුන් යෙදීම ඉතා වැදගත් වේ. පොටෑසියම් අධික බැවින් පිදුරු මේ සදහා යොදා ගැනේ. රබර් වගාවේදි වසුන් සදහා රබර් සමග තරග නොවදින ශාක කිරීමද කරයි.

ප්ලෙමින්ජියා කොන්ජෙන්ටා කි.ග‍්‍රෑම් 3/ හෙක්ටයාරයකට
ටෙප්රෝසියා වොපේලි කි.ග‍්‍රෑම් 4/
ක්‍රොටලේරියා ඇතිජිරොයිඞ්ස්

රබර් පේලිය හා රනිල පේලිය අතර අඩි 4 ක පරතරය තැබිය යුතු අතර රනිල ශාක පේලි 2 ක් අතර අඩි 2 ක් පරතරය තිබිය යුතුය.

වැසි තත්ව යටතේ මාස 4 කින් මේවා කප්පාදු කර යොදනු ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017