හෙල්මලු සැකසීම
 

අධික බෑවුම සහිත කදුකර ඉඩම්වල, පටි පෙළක ස්වභාවයක් ඇතිවන සේ පස් තට්ටු සකසා වගාවට සූදානම් කර ගැනීම හෙල්මලූ ලෙස අදහස් කරයි. මෙම හෙල්මලූ ක‍්‍රම බෑවුම ජල වේගය අඩු කර ගැනීමට යොදා ගන්නා උපක‍්‍රමයකි. හෙල්මලූ විවිධාකාර වලින් සැකසිය හැකිය

* බංකු ස්වරූපය සහිත හෙල්මලූ
* දිගැති හෙල්මලූ
* තනි බිම් හෙල්මලූ

බංකු ස්වරූපය සහිත හෙල්මලූ :
මෙයද සම තල බංක ලෙස හේ බෑවුම් බංකු ලෙස සැකසිය හැකිය.

සමතල බංකු හෙල්මලූ :
සමෝච්ච රේඛාවකට අනුව සකසන මේවායේ උස්තැන්වලින් ඉවත් කර ගත් පස් පහත් ස්ථානවලට යොදනු ලබයි.

මෙලෙස සෑදෙන පටි පෙළක් වැනි කොටසේ අග‍්‍රස්ථ කොටස මදක් උස්වන ලෙස සකස් කර සෝදා වැලැක්වීමට තණ පිඩැති ඇල්ලීමට ද කරනු ලබයි.

දිගැති හෙල්මලූ :
මද බෑවුම් සහිත ස්ථානවල සකසන මේවා වියළි කලාපයේ බහුලව ඇත. මීටර් 12-14 පමණ වනසේ සකසන මේවා පුළුල් පාද හෙල්මලූ ලෙසද හදුන්වයි.

පසේ වැඩිපුර ජලය, රදවා අවශෝෂණය කර ගැනීමට අවස්ථාව සැකසෙන සේ හෙල්මලූ වේ. සමෝච්ච රේඛාවේ දෙපසට අනුක‍්‍රමණය වන සේ නිර්මාණය කරයි.

තනි බිම් හෙල්මලූ :
තනි ගසකට පමණක් සීමානවන මේ හෙල්මලූ ක‍්‍රමය ගල්වැටිවලට සමාන නමුත් එතරම් දිග නොවේ.

බෑවුම් සහිත භූමිවල යොදා ගනි. මෙම ක‍්‍රමයේදි ඉවුරු සෝදා වැලැක්වීමට පිඩැලි ඇල්ලීම වැදගත්ය.

(c) Shilpa Sayura Foundation 2006-2017