කාණු යෙදීම අරමුණු කීපයක් සදහා කරනු ලැබේ
* පිටාර ජලයේ වේගය අඩු කිරිම
* ජල පහරේ වේගය අඩු කොට ජලය පස තුළට කාන්දුවීමට අවස්ථාව ලබාදීම
* පසේ වැඩිදුර පවතින ජලය ඉවත් කිරීම
සාමාන්‍යයෙන් කාණු යොදනු ලබන්නේ ස්වාභාවික ජල මාර්ග ඔස්සේ වේ. ප්‍රධාන කාණු, පාර්ශවික කාණු, ලෙස කාණු වර්ග දෙකකි.
ප්‍රධාන කාණුව තුල ජලය ගලායාමේ වේගය අඩු කිරිම සදහා හා ගල් ඇල්ලීම කරනු ලැබේ. සෙ.මි. 60 ගැඹුරට සෙ.මි. 60 ක් පළලට සකස් කරන මේවා මගින් වැසි ජලය ඉවත් කිරීම, උරා ගැනීමට සැලැස්වීම අපේක්ෂා කෙරේ.
පාර්ශවික කාණු ප්‍රධාන ලෙස කොටස් 3 කි.
සමෝච්ච කාණු, සමෝච්ච කුට්ටි කාණු හා රොන් මඩ වලවල් සහිත කාණු වේ.
සමෝච්ච රේඛා අනුව කාණු කැපීමේදි සමෝච්ච රේඛාවට ඉහළ පැත්තෙන් කාණුව කපනු ලැබේ. සෙ.මි. 60 ක් පළලට සෙ.මි. 45 ක් වත් ගැඹුරට සකසන අතර එයින් ඉවත් කරන පස් කාණුවේ පහත පැත්තට යෙදීම කළ යුතුය.
ඉන් බලාපොරොත්තු වන්නේ කාණුවෙන් ඉතිරී යන ජලය පස් වැටිය අසළ රඳවා ගෙන තැබීමය.
බෑවුම තද නම් මීටර් 3.02
බෑවුම මද නම් මීටර් 6.02
බෑවුම සුළු නම් මීටර් 12.5 ක්ද කාණු අතර පරතරය තැබිය යුතුය.
පස් වැටි යොදන්නේ කාණුවෙන් ඉතිරි යන ජලය පස් වැටියේ රදවා ගැනීමටය. සමෝච්ච කාණුවක් සෙ.මි.60 ගැඹුරට සෙ.මි.45-60 පළලට ද යොදයි.