ගොවිතැන් කටයුතු මගින් ගොවියා බලාපොරොත්තු නිෂ්පාදන ඉලක්කයක් පාංශු ඛාදනය නිසා අවම විය හැකිය. මෙම තර්ජනය අඩු කරලිම සදහා විධි ක‍්‍රම යොදමින් පසේ සාරත්වය ආරක්ෂා කර ගැන්ම පාංශූ සංරක්ෂණය ලෙස හැදින්වේ.
පස සංරක්ෂණයේදි ගත යුතු පියවර
* පස ආවරණය කිරීමෙන් පාංශු ලය කෙලින්ම පස මත ගැටීම වැලැක්වීම
* පිටාටර ගලා යන ජලයේ වේගය අඩු කර ගැනිම
* ජලය උපරිම ලෙස පසට අවශෝසණය කරගෙන රදවා ගැනිමේ ශක්තකිය අඩු කිරිම
* ජලය මගින් ගසා ගෙන ගොස් වෙනත් ස්ථානයක තැන්පත් වන පස් නැවත ක‍්‍රමවත් අයුරු විසුරුවා හැරිම
මතුපිටින් ගලා යන ජලයේ වේගය අඩු කිරිම යාන්ත‍්‍රික ක‍්‍රම මගින් සිදු කරයි. පසේ සෝදා පාළුව අඩු කර පස සාරවත්කිරීම අනෙක් ක‍්‍රම මගින් ඉටු කරයි.
අනුගමනය කරන්නාවු ක‍්‍රම
* පසේ ස්වභාවය
* ඉඩමේ පිහිටිම
* වර්ෂාපතනය ව්‍යාප්තිය
* පිළිබද අවබෝධයකින් යුක්ත වේ.
යාන්ත‍්‍රික ක‍්‍රම (භෞතික ක‍්‍රම)
1. සමෝච්ච රේඛා අනුව කානු කැපීම
2. සමෝච්ච රේඛා අනුව සී සෑම හා වගා කිරිම
3. සමෝච්ච රේඛා අනුව පස් වැටි දැමීම
4. හෙල්මළු තැනීම
5. ගල් වැටි දැමිම
මද බෑවුම්වලදී පරතරය අඩි 20 (මීටර් 6.2)
අධික බෑවුම් වලදී පරතරය අඩි 1-(මීටර් 3.02)
සුළු බෑවුම් වලදී පරතරය අඩි 40- (මීටර් 12.5)
කෘෂිකාර්මික ක‍්‍රම
* බිම් සකස් කිරිම
* ශාක ආහාර සපයා බෝගයන් වර්ධනය සීඝ‍්‍ර කිරිම
* කාබනික ද්‍රව්‍ය ආරක්ෂාකර උරා ගන්නා ජලය වැඩි කිරිම
* ශෂ්‍ය මාරු ක‍්‍රම යෙදීම
ජීව විද්‍යාත්මක ක‍්‍රම (විශේෂ ක‍්‍රම)
* පාංශු වසුන් භාවිතය
* ආවරණ බෝග වගා කිරීම
* කට්ටි වගාවන් ඇති කිරීම
* සැවැන්දරා තෘණ භාවිතය
* භූමියට සුදුසු පරිදි වගා කිරීම
* සෝල්ට් (SALT) 1,2,3
පස් සංරක්ෂණය ආඥා පනත යටතේ බෑවුම් සහිත ඉඩම් හෙලි කිරීම, ජල මාර්ග දෙපස ඉඩම් හෙළිවන සේ ගස් කැපීම, කැලෑ ගිනි තැබීම, තහනම් කර ඇත.
යාන්ත‍්‍රික ක‍්‍රම
කාණු හෝ ගල් වැටි අතර පරතරය නිගමනය කිරීම ඉඩමේ බෑවුම් ප‍්‍රමාණය අනුව විය හැකිය.
10:1 බෑවුම ඇති විට පරතරය අඩි 50 (මීටර් 16.5)
5:1 බෑවුම ඇති විට පරතරය අඩි 40 (මීටර් 13.1)
3:1 බෑවුම ඇති විට පරතරය අඩි 30 (මීටර් 10)
2.5:1 බෑවුම ඇති විට පරතරය අඩි 20 (මීටර් 6.1)
1:5:1 බෑවුම ඇති විට පරතරය අඩි 10 (මීටර් 3.1)