වාෂ්පීකරණය
 

වාර්ෂීකරණයට උෂ්ණත්වය, සුළඟ, සාපේක්ෂ ආර්ද්‍රතාවය, වර්ෂාපතනය, ආලෝකය යන කරුණු වලින් බලපෑම් සිදුවේ. උෂ්ණත්වය වැඩිවූ විට, වාෂ්පීකරණය වැඩිවේ. වර්ෂාපතනය වැඩි වූ විට වාෂ්පීකරණය අඩුවේ. සුළඟ වැඩි වූ විට, වාෂ්පීකරණය වැඩිවේ. වාෂ්පීකරණය වැඩිවීමෙන් පසේ ඇති ජලය ඉවත් වී ශාක මැරී යාමට පුළුවන. පාංශු වසුන් යෙදීමෙන් වාෂ්පීකරණය අඩු කර ගත හැක.

(c) Shilpa Sayura Foundation 2006-2017