වායුගෝලයේ ඇති තෙතමන ප්‍රමාණය ආර්ද්‍රතාවය යනුවෙන් සාමාන්‍යයෙන් සැලකේ. ආර්ද්‍රතාවය ශාකවල පැවැත්ම කෙරෙහි බලපෑම් රාශියක් සිදු කරයි. වාතය වියලි අවස්ථාවලදී පරාගෝල ජීව්‍යතාවය අඩුවේ. එවැනි අඩු ආර්ද්‍රතාවයේදී පරාග වියලීමෙන් ශාකවල අස්වැන්න අඩුවේ. එමෙන්ම අඩු ආර්ද්‍රතාවයේදී උත්ස්වේදනය වැඩිවන අතර වැඩි ආර්ද්‍රතාවයේදී උත්ස්වේදනය අඩු වේ. දිය මලන් කෑම, මුල් කුණු වීම, වැනි දිලීර රෝග වර්ධනයට වැඩි ආර්ද්‍රතාවය උපකාරි වේ. සෛල ශුන්‍යතාවයෙන් පැවතීමට ආර්ද්‍රතාවය හේතුවන අතර කොළ එළවලූ ගබඩා කිරීමේදී වැඩි ආර්ද්‍රතාවය පවත්වා ගැනීම වැදගත් වේ.
යම් තැනක පරිසර උෂ්ණත්වය වැඩි නම් එහි රඳවා තබාගත හැකි ජල ප්‍රමාණය වැඩි වේ. ඒ නිසා බෝග වගාවේදී වඩාත් වැදගත් වන්නේ, යම් උෂ්ණත්වයකදී වාත පරිමාවක අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය එම උෂ්ණත්වයේදී එම වාත පරිමාවම ජල වාෂ්ප වලින් සංතෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ප්‍රමාණය අතර අනුපාතය හෙවත්, සාපේක්ෂ ආර්ද්‍රතාවයයි. එය ප්‍රතිශතයක් ලෙස දක්වයි. අධික සාපේක්ෂ ආර්ද්‍රතාවයේදී ජල වාෂ්පීකරණය අඩු වීමෙන් පසේ තෙතමනය ආරක්ෂා වේ. සාපේක්ෂ ආර්ද්‍රතාවය තෙත් හා වියලි බල්බ උෂ්ණත්ව මානයෙන් මනිනු ලැබේ. ශාක කැබලි මුල් අද්දවා ගන්නා විට කෘතිම ප්‍රචාරක නිවාස මගින්, සාපේක්ෂ ආර්ද්‍රතාවය කෘතිම ලෙස පාලනය කරනු ලැබේ.