වර්ෂාපතනය
 

වර්ෂාපතනය යනුවෙන් හඳුන්වන්නේ යම් නිශ්චිත භූමි ප්‍රදේශයකට නිශ්චිත කාලයක් තුලදී ලැඛෙන මැනිය හැකි වර්ෂා ප්‍රමාණයයි. වර්ෂාමානයක් ආධාර කරගෙන වැස්ස මැනිය හැකිය. වර්ෂාව මිලි ලීටර් වලින් ප්‍රකාශ කිරීම බොහෝවිට සිදුවේ.

වර්ෂාව අහස් ජලයෙන් පමණ නොව හිම හා තුහීන ක්‍රියාකාරීත්වයෙන්ද ලැබිය හැකිය. ගංගා, ඇළ, දොළ, මුහුද යන ස්ථානවලින් වාෂ්ප වන ජලය වාතයට එකතු වී වාතය තෙතමනයෙන් බරවේ. වායුගෝලයේ ඉහළට යත්ම ජලය සිසිල් වීමෙන් කුඩා ජලාංශ= බවට පත් වී ඝනීභවය වෙයි. එයින් වළාකුළු සෑදේ. එම වළාකුළු අඩු උෂ්ණත්වයේදී තවත් සිසිල් වීමෙන් වර්ෂාව ලෙස පොළොවට කඩා වැටේ.

ශ්‍රී ලංකාවට වර්ෂාව ලැඛෙන ආකාර දැනට හඳුනාගෙන ඇති පරිදි මෝසම් වර්ෂාව, සංවහන වර්ෂාව, වාසුළි වර්ෂාව ක්‍රම තුන වේ.

මෝසම් සුළං වලින් ලැඛෙන වර්ෂාව ඊසාන දිග මෝසම් සුළං සහ නිරත දිග මෝසම් සුළං යනුවෙන් නැවත කොටස් දෙකකට ඛෙදේ. සූර්යයා උතුරු දෙසට ගමන් කිරීම හේතුවෙන් ආසියා මහද්වීපයේ උෂ්ණත්වය ඉහළ යයි. එවිට එහි අඩු වායු පීඩන ප්‍රදේශයක් ඇතිවේ. ශ්‍රී ලංකාවේ දකුණු හා නිරිත දිග ප්‍රදේශවල ඇති වැඩි වායු පීඩන ප්‍රදේශයෙන් අඩු වායු පීඩන ප්‍රදේශයට හමන සුළඟ නිරිත දිග මෝසම් සුළං යනුවෙන් හැඳින්වෙයි. ඉන්දියන් සාගරයේ ජලවාෂ්ප වලින් සංතෘප්තව ඇති මේ සුළඟ කඳුකරයෙන් බටහිරට හා නිරිත දිග ප්‍රදේශවලට වර්ෂාව ලබාදෙයි. නිරිත දිග මෝසම් සමය "යල" (මැයි, සැප්තැම්බර්) කන්නයට ගොවිතැන් කිරීමේලා දිවයිනේ නිරිත දිග ප්‍රදේශයට ඉතාමත් වැදගත් වන කාලයකි.

ඊසාන දිග මෝසම් සුළෙඟ්දී සූර්යයා දකුණට ගමන් කිරීම නිසා උතුරු ඉන්දියාවේ ප්‍රදේශ සීතල වීමෙන් අධික පීඩනයක් හට ගෙන සුළං විකිරණය වී බොංගාල බොක්ක හා ගංඟා නදිය හරහා ලංකාවට හමා එයි. එA සමඟම ඇතිවන වැස්ස ඊසාන දිග ප්‍රදේශයට වැදගත් වනවා මෙන්ම එම කාලය මහ කන්නය (ඔක්තෝම්බර්, පෙබරවාරි) දක්වා ඇති වේ.

සංවහන වර්ෂාව දිවයිනට වසර පුරාම සූර්යාලෝකය ලැබීම කෙරෙහි බලපෑම් කරන්නේ සමකට අසල පිහිටීමයි. මෙම සූර්යාලෝකය නිසා ගොඩබිම සාගරයට තදින් හා ඉක්මනින් උණුසුම් වේ. එම උණුසුම් වීම නිසා ගොඩබිම ඉහළ ඇති වාතය රත් වී අඩු වායු පීඩන ප්‍රදේශයක් ඇති කරයි. ජල වාෂ්ප වලින් පෝෂිත මුහුදු සුළං ගොඩබිමට එයි. එAවා නැවත උණුසුම් වී නැවත ඉහළ යයි. මේවා සිසිල් වී ඝනීභවය වී වැස්ස ලැබේ. මෙලෙස නොකඩවා කෙරෙන ක්‍රියාවලිය සංවහන වර්ෂාව ලෙස හැඳින්වේ.

වාසුලි වර්ෂාවද ශ්‍රී ලංකාවේ සමහර විට ඇති වේ. ඔක්තෝම්බර් සිට නොවැම්බර් කාලය තුළ එය බහුලව සිදුවිය හැක. නිවර්තන මුහුදු මත උණුසුම් වන වායු ධාරා ඉහළ නැගීමේදී සෞම්‍ය කලාපවලින් එන සීතල වායු ධාරා එකිනෙක හමුවී ප්‍රතිවිරුද්ධ දිශාවලට වේගයෙන් කැරකැවේ. මෙසේ වීමට හේතු ගෙන උණුසුම් වූ වාතය සීඝ්‍රයෙන් ඉහළ නැග සිසිල් වීමෙන් මේ වැසි ඇතිවේ. ශ්‍රී ලංකාවේ යාපනයේ සහ අම්පාර ප්‍රදේශවල වැඩිපුර වාසුලි මගින් වර්ෂාව ලැඛෙන ප්‍රදේශ ලෙස සලකයි.

ශ්‍රී ලංකාවේ ඇතිවන මෝසම් වැස්ස වගාරටාව හා සම්බන්ධ කර සලකා බැලිය හැකිය. වර්ෂාව ආරම්භයේදී වී සැකසීම කරනු ලබයි. වැස්ස මධ්‍යස්ථව වැඩිවන විට පැලසිටුවීම කරනු ලබයි.

උපරිම වැස්ස ලැඛෙන කාලවලදී පැල හොඳින් වැඩීමට සලස්වා පෙබරවාරි හා අගෝස්තු වල ඇති වන නියං කාලවලදී අස්වැන්න නෙලීමට හැකිවන පරිදි ගොවීන්ගේ වගා රටාවත් වර්ෂාවත් සම්බන්ධ වේ.

බීජ ප්‍රරෝහණය සඳහාද වර්ෂාවෙන් ලැඛෙන ජලය ප්‍රයෝජනයට ගැනේ. ශාක වලට යොදන පෝර අවශෝෂණය කිරීමට වර්ෂා ජලය ඉමහත් ලෙස ආධාර වේ. ඵල හා බීජ ව්‍යාප්තියට ද වර්ෂා ජලය උදව් වේ. පසේ සිටින ජීවීන්ගේ ක්‍රියාවලට වර්ෂා ජලය හිතකර වන අතරම පලිභෝධ ව්‍යාප්ත වීමට ආධාර වීම නිසාත්, රෝග බෝවීම අධික වීම නිසාත්, අතු කඩා බිඳ වැටීම, මල් කුණුවීම, ඵල බිම වැටීම, යාන්ත්‍රික හානි නිසා වැස්ස අවාසි දායක වන අවස්ථාද ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017