බීජ ප්‍රරෝහණයට උෂ්ණත්වය හේතු වේ. උෂ්ණත්වය බීජ ප්‍රරෝහණයට අත්‍යාවශ්‍ය සාධකයක් වෙයි. සෞම්‍ය කලාපීය බීජ වලට අඩු උෂ්ණත්වයක් ප්‍රරෝහණයට අවශ්‍ය වුවද නිවර්තන බීජ වලට ඊට වඩා උෂ්ණත්වයක් අවශ්‍ය වේ.
උෂ්ණත්වය ප්‍රභාසංස්ලේෂණයට ආහාර සංචිත කිරීමට, වර්ධනයට, විකසනයට, මල් හට ගැනීමට, සහ බීජ වල අක්‍රීයතාව ඉවත් කිරීමට සහ කාබනික ද්‍රව්‍ය වියෝජනයටද ආධාර කරයි.
මල් හට ගැනීම කෙරෙහි උෂ්ණත්වය බලපෑම
පුෂ්පීකරණයට (ශාකවල මල් හට ගැනීම) කෙරෙහි ආලෝකය හා අඳුර අතර තුල්‍යතාවයක් තිබිය යුතු බව සොයාගෙන ඇත. මෙම තුල්‍යතා කාලය උෂ්ණත්වය අනුව වෙනස් වෙයි. උෂ්ණත්වය අඩු කාලවලදී බීජ පැලවීමට ආලෝකය නොලැඛෙන කාලය හෙවත් අඳුරු කාලය වැඩිවීම බලපායි. කැරට්, ගෝවා, බීට් යන ශාකවල මල් හට ගන්නේ අඩු උෂ්ණත්වයේදීය. නමුත් ශ්‍රී ලංකාවේ උඩරට පළාත්වල ඒවායේ මල් හට ගැනීම අඩුය. එයට හේතුව එම ශාකවල මල් හට ගැනීමට පවතින උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් අවශ්‍ය වීමයි. එවැනි ඇට වැපිරීමට පෙර යම්කිසි කාලසීමාවක් ශීතකරණයක තැබීමෙන් මල් හට ගැනීම උත්තේජනය කරවිය හැකි බව සොයාගෙන ඇත. එලෙස මල් හට ගැනීම උත්තේජනික කරන ක්‍රියාවලිය "වසන්තීකරණය" නම් වන අතර වසන්තීකරණ උෂ්ණත්වය බෝග වර්ග අනුව වෙනස් වන බව සොයාගෙන ඇත. බීට්, කැරට්, ගෝවා යන පැල පැරන්හයිට් අංශක 40 සිට පැරන්හයිට් අංශක 80 අතර උෂ්ණත්වයක මාසයක් හෝ මාස දෙකක් තැබීමෙන් ඒවායේ පුෂ්ප හට ගැනීම උත්තේජණීය කර ගත හැකි බවට සොයාගෙන ඇත. "බෝල්ටින්" කිරීම යනුවෙන් එම ක්‍රියාවලිය හඳුන්වයි.
ද්වි වාර්ෂික ශාකවල පළමු වසරේ වර්ධක වැඩීමත්, දෙවන වසරේ ප්‍රජනක වැඩිවීමත් සිදුවේ. ශීතකාල තිරිඟ= වලදී ප්‍රජනක වර්ධනයක් සිදුවීමට නම් ශීත කාලයක් අත්‍යවශ්‍ය වේ. නමුත් වසන්ත කාලයේ වවන තිරිඟ= වලට ශීත ඍතුවක් අවශ්‍ය නොවේ. මෙය ද්වි වාර්ෂික ශාකවල පුෂ්ප පිපීමේදී සිදුවන වක්‍ර බලපෑමකි.
ප්‍රභාසංස්ලේෂණය කෙරේද උෂ්ණත්වය බලපෑම් කරයි : ප්‍රභාසංස්ලේෂණය දී කෙරෙන එක් කාබෝහයිඩ්‍රේට අණුවක් සමඟ විකිරණ ශක්තිය කැලරියට කිලෝ ග්‍රෑම් 673ක් ආහාර ශක්තිය බවට පත් වේ. මෙම විකිරණ ශක්තිය උෂ්ණත්වය හා සම්බන්ධ වේ.
ආහාර සංචිත කිරීමටද උෂ්ණත්වය බලපායි : යම් ප්‍රදේශයක රාත්‍රී උෂ්ණත්වය වැඩි නම් ශ්වසන වේගය වැඩිවී නිපදවන ලද ආහාර ක්ෂය වී යයි. ශ්වසන වේගය අඩු නම් ආහාර සංචිත වේ. රාත්‍රී උෂ්ණත්වය අඩු කාලවලදී ශ්වසන වේගය අඩු වේ. අර්තාපල් ආකන්ධ ලබා ගැනීමට රාත්‍රී උෂ්ණත්වය අඩු කාල ලැඛෙන සේ වගා කිරීම සුදුසුය.
වර්ධනය කෙරෙහිද උෂ්ණත්වය බලපෑම : පැලයක වියලි බර මෙන්ම ප්‍රමාණයන් වැඩිවීමද වර්ධනයට අදාල වේ. වර්ධනයේ අභ්‍යන්තර අවශ්‍යතාවයක් වන්නේ ශ්වසන වේගය වැඩිවී ෙසෙල වල එන්සයිම සක්‍රීය වීමයි. එම ක්‍රියාවලියන් සඳහා ප්‍රසස්ත මට්ටමකින් අවශ්‍ය උෂ්ණත්වය ලබා දිය යුතුය.
බීජවල අක්‍රීයතාවය ඉවත් කිරීමට උෂ්ණත්වය බලපෑම : අර්තාපල් වැනි බීජවල අක්‍රීය කාලයන් ශීතකරණයක ටික කාලයක් තබා ගැනීමෙන් පසුව ප්‍රරෝහණය වන බව සොයාගෙන ඇත. සමහර පැපොල් ඇටවල වැඩීම පහසු කරලීම සඳහා පහළ උෂ්ණත්වයක ගබඩා කරයි. එහිදී ඇටවල පැසීම සම්පූර්ණ වන බව සොයාගෙන ඇත.
වාර්ෂීකරණයට උෂ්ණත්වය බලපෑම : උෂ්ණත්වය වැඩිවූ විට පසේ ඇති ජලය මෙන්ම ශාකවල ඇති ජලයද වාෂ්ප වෙයි. එA නිසා ශාක ජල හිගයකට මුහුණ දී මිය යා හැකිය.
කාබනික ද්‍රව්‍ය වියෝජනයට උෂ්ණත්වය බලපෑම : වියළි කලාපයේ වැඩි උෂ්ණත්වය නිසා කාබනික ද්‍රව්‍ය පහසුවෙන් වියෝජනය වන අතර ශීත ප්‍රදේශවල අඩු උෂ්ණත්වය නිසා කාබනික ද්‍රව්‍ය වියෝජනය සෙමින් සිදුවේ. කාබනික ද්‍රව්‍ය වියෝජනයට උදව් කරන ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය කෙරෙහිද ප්‍රසස්ත උෂ්ණත්ව පරාසයක් ඇත. සමහර ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය වැඩිවීම ශාක රෝග වර්ධනයට හේතු වේ. ඒ නිසා ශාක රෝග වර්ධනයට උෂ්ණත්වය බලපෑම් කරන බව කිව හැකිය. පරිසර උෂ්ණත්වය අඩු වූ විට සමහර ශාකවල අයිස්කැට හැදීමත් මගින් පටක වල හානි සිදුවීමක්, එමෙන්ම උෂ්ණත්වය ඉහළ නැගීමෙන් වනාන්තර වල ලැව්ගිනි හට ගැනීමත් සිදුවිය හැකිය.
විකසනය කෙරෙහි උෂ්ණත්වය බලපෑම : විකසනය යනු ශාකවල මල් හට ගැනීම දක්වා වන ගුණාත්මක වෙනස් වීමකි. මෙම ක්‍රියාවලියට දිවා කාලයේ දිග මෙන්ම උෂ්ණත්වයද බලපෑම් කරන බව සොයාගෙන ඇත.