1. ශාක මුල්වල ශ්වසනය හා අනුජීවි ක්‍රියාවලින් පිටවන කාබන්ඩයොක්සයිඩ් වායුව ජලය සමග එකතු වී කාබනික අම්ලය සෑදීම නිසා
2. කාබනික ද්‍රව්‍ය වියෝජනයේදී ඇතිවන හියුමික් අම්ල, ලැට්රික් අම්ල, සිට්රික් අම්ල, බියුටි්‍රක් අම්ල, ඇසිටික් අම්ල යනාදී අම්ල වර්ග නිසා
3. පසේ ඇති සල්පර් සහ නයිට්‍රජන් සංයෝග ඔක්සිකරණය වී සල්පියුරික් හා නයිටි්‍රක් අම්ල ඇති වීම නිසා
4. පසේ ඇති කැල්සියම්, සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම් වැනි ක්ෂාරීය ලවණ සෝදා ගෙන යාම නිසා
5. ඇලූමිනියම් හා පෙරික් අයන පසේ දී ජල විච්ඡේදනය වීම නිසා
සෞම්‍ය කලාපීය රටවල වැඩි වර්ෂාව හා අඩු වාෂ්පීකරණය නිසා සෞම්‍ය කලාපවල පස් වර්ග ආම්ලිකතාවයෙන් වැඩිවේ. ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය පස ආම්ලික වේ.
ආම්ලික පසක ලක්ෂණ හඳුනා ගැනීම.
(1) කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම් සුලූ වශයෙන් දක්නට ලැබේ. ඊට හේතුව භෂ්මයන් සෝදා ගොස් ඇති බැවිනි.
(2) අනවශ්‍ය පරිදි ද්‍රාවනය වන ඇලූමිනියම් අයන, පෙරික් අයන, මැග්නීසියම් අයන, පැලෑටි මුල් වලට වැඩිපුර අවශෝෂණය වේ. එම සාන්ද්‍රණය වැඩිවීම පැළෑටි මුල්වලට විෂවීමට ඉඩ ඇත.
(3) පොස්පේට් පොහොර මගින් පොස්පරස් ලබා ගැනීමේ හැකියාව ආම්ලික පසකදී අඩු වේ.
බෝග වගාවට ආම්ලික පසක් යොදා ගැනීම.
පස් සාම්පලයක් පරීක්ෂාගාරයක පරීක්ෂණයට භාජනය කොට ආම්ලිකතාව වෙනස් කිරීමට අවශ්‍ය වන හුණු ප්‍රමාණය තීරණය කර ගත යුතුය.
ඉන්පසු ආම්ලිකතාව නැති කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට පමණක් හුණු යෙදිය යුතුය. වැඩිපුර හුණු යෙදුවහොත් ශාකවලට පොස්පරස් ලබා ගැනීමේ හැකියාව දුර්වල වන අතර සින්ක්, කොපර්, බෝරෝන්, යකඩ, මැන්ගනීස් වැනි අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය හිඟ වේ.