පසක පාංශු ප්‍රතික්‍රියා මනිනු ලබන්නේ පී. එච් අගය නම් මිනුමෙනි. එය හයිඩ්රජන් අගය සාන්ද්‍රණයේ ඍණ ලඝුගණකය වේ. උදාසීන ජලය පී. එච්. 7 වේ. ද්‍රාවණයක ඇති හයිඩ්රජන් ධන අයන වැඩිවීමෙන් ආම්ලික ගතියක් ද හයිඩ්රොක්සිල් අයන වැඩි වීමෙන් ක්ෂාරීය ගතිය ඇතිවේ. පී. එච්. අගය වැඩි වෙයි. හයිඩ්රජන් ධන අයන වැඩිවූ විට පී. එච්. අගය අඩු වේ.
ආම්ලිකතාවය
යම්කිසි පසක පී. එච්. අගය 7 ට අඩු වන්නේ නම් පස ආම්ලික පසක් ලෙස සැලකේ. පසේ ආම්ලිකතාවයට හේතු වන්නේ පාංශ= ජලයේ හෝ පස් අංශු මගින් අවශෝෂණය කරගත් හයිඩ්රජන් ධන අයන හෝ ඇලූමීනියම් ධන අයන කොපමණ ප්‍රමාණයක්, සෝඩියම් ධන අයන පොටෑසියම් ධන අයන කැල්සියම් ධන අයන, මැග්නීසියම් ධන අයන වැනි භාෂ්මික කැටියන වලට සාපේක්ෂව පවතින්නේද?