පාංශු වාතය
 

පසෙක ප්‍රධාන කොටස ලෙස ඝණ, ද්‍රව, වායු ජීවීන් යන්න සැලකිල්ලට ගැනේ. ඉන් වායු කොටස පරිමා අනුපාතය අනුව 25% ක් වේ. පාංශු වාතය රැදී ඇත්තේ පස් අංශු අතර ඇති සිදුරුවලය. මෙම සිදුරු විශාල ජිද්‍ර ලෙස දෙවර්ගයකි. මෙම සිදුරු පස් අංශුවල හැඩය හා ප්‍රමාණය අනුව වෙනස් වෙයි. පසේ ඇති සිදුරු ජලයෙන් හා වාතයෙන් පිරී පවතී. එම සිදුරු වලින් පසේ වාතය ප්‍රමාණය කොපමණදැයි තීරණය වන්නේ සම්පූර්ණ විවර ප්‍රමාණයෙන් කේෂික විවර ප්‍රමාණය අඩු කිරීමෙනි. මක් නිසාදයත්, කේෂික විවරවල ජලය රඳා ඇති නිසාය. පසේ සිදුරු වලින් 1/3 ක් වාතයෙන්ද, ඉතිරිය ජලයෙන්ද පිරී ඇත්නම් ශාක වර්ධනයට හිතකර වෙතැයි සැලකේ. පසේ ඇති වන වාතය ප්‍රමාණවත්, සංයුතියක් ශාක වර්ධනය කෙරෙහි විශාල බලපෑමක් සිදුකරයි. පසෙක වාත ධාරිතාව 10% ක් තත්වයේ පවත්වා ගැනීමට හැකි සේ පසෙක ව්‍යුහය සකසා ගත හැකි නම් එය ශාක වර්ධනයට උචිත තත්වයක් ලෙස සැලකේ.

(මුලාශ්‍රය ගොවිකම් සඟරා හා මධ්‍යම කෘෂිකර්ම පර්යේෂණායතනය)

ස තුල වාතයේ සංයුතිය වායුගෝලයේ වාතයේ සංයුතියට වඩා වෙනස්ය.
වායුගෝලීය වාතය සංයුතිය
නයිට්‍රජන් - 78%
ඔක්සිජන් - 21%
කාබන්ඩයොක්සිඩ් - 0.03%

පාංශු වාතයේ නයිට්‍රජන් ප්‍රමාණය එතරම් වෙනසක් නොදක්වතත් වායුගෝලීය වාතයේ සංයුතියට වඩා ඔක්සිජන් ප්‍රමාණය අඩු වන අතර කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 29% ක් පමණ වුවද වැඩි වීමට පුළුවන. මෙම කාබන්ඩයොක්සයිඩ් පාංශු වාතයේ වැඩි වීමට හේතු වන්නේ කාබනික ද්‍රව්‍ය වියෝජනය ශාකවල ස්වසනය, ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සහ ඛණිජ වල ප්‍රතික්‍රියා හේතුවෙනි.

මඩ පසෙක නම් ඔක්සිජන් හා නයිට්‍රජන් අඩු වන අතර කාබන්ඩයොක්සයිඩ් හා මීතේන් වැඩිපුර දක්නට ලැබේ.
යම් පසෙක කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය 5% ඉක්මවන්නේ නම් එය ශාක වගාවට අහිතකර තත්ත්වයක් වේ.
ශාක වර්ගය අනුව පසේ වාතයට ශාක මුල් දක්වන ප්‍රතිචාර වෙනස් වේ. පසට ඔක්සිජන් වැඩිපුර සැපයීමෙන් කාබන්ඩයොක්සයිඩ් ඉවත් වන්නේ නම් එය මූල වර්ධනයට හිතකර තත්ත්වයකි. ඔක්සිජන් සාංද්‍රණය පසේ අඩු නම් එය මුල් මගින් ජලය ලබා ගැනීමට බාධාකාරී වන බව සොයා ගෙන ඇත. පාංශ= වාතය හිඟවීමෙන් පස තුල විෂ සහිත අකාබනික සංයෝග නිපද වේ. කාබන්ඩයොක්සයිඩ් මීතේන් වශයෙන්ද, නයිට්‍රජන් ඇමෝනියා වශයෙන්ද, යකඩ පෙරස් වශයෙන්ද පවතී. ගෙන්දගම් සල්පයිඩ වශයෙන්ද පවතී. මේවා ශාකවලට විෂ සහිත සංයෝග වේ. එමෙන්ම පෝෂක ලෙස උරා ගැනීම අපහසු වේ. රෝග කාරක දිලීර, බැක්ටීරියා, පාංශු වාතය නොමැති වීම බහුලව වර්ධනය වෙයි.

උසස් ශාක මුල් පස ඇතිවීමේ ක්‍රියාවලියේදී පාෂාණ ජීර්ණයට ආධාර වනවා මෙන්ම පසේ වාතනය දියුණු කිරීමටද උදව් වේ. පසේ කාබනික ද්‍රව්‍ය ගහණය වැඩි කිරීමටද උසස් ශාක ආධාර වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017