පසේ වාසය කරන ජීවීන් විශාල සංඛ්‍යාවක් වේ. මේවා ශාක සහ සත්ත්ව යන දෙකොට්ඨායට අයත් වේ. මෙම ශාක හා සතුන් ද තවදුරටත් පහත සඳහන් පරිදි වර්ග කළ හැකිය.
පාංශ= ජීවීන් අතර සිටින විශාල සතුන්ගෙන් ගැඩවිලා ගොවියාගේ මිතුරන් ලෙස සැලකේ. පස මතුපිට ඇති කුණු කසල පස සමග මිශ්‍ර කරන ගැඩවිලා ආහාර වශයෙන් ගන්නා කාබනික හා පාංශු ද්‍රව්‍ය ඌගේ ශරීරයේ ජීර්ණ එන්සයිම හා මිශ්‍ර වීමෙන් පසු මළපහ ලෙස පිටකරයි. පොටෑසියම් හා පොස්පේට් එම ද්‍රව්‍ය වල බහුල වේ. පසේ වාතනය හා ජල වහනය දියුණු කිරීමට ද ගැඩවිලා විශාල උදව්වක් වේ.
පසට රසායන ද්‍රව්‍ය යෙදීමෙන්, වගා බිම් පිලිස්සීමෙන් ගැඩවිලාට හානි සිදුවිය හැකියි. කුහුඹුවන් ගොළුඛෙල්ලන් සමහර ශාකවලට හානි කරයි.
පසේ වෙසෙන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් පසේ උඩ මට්ටමේ බහුලව සිටින ප්‍රොටෝසෝවාවන් ඇල්ගී බැක්ටීරියා ආහාරයට ගනිමින් අහිතකර දේශගුණික තත්වය පසු කර ගනී. පසේ වෙසෙන වටපණුවන් නෙමටෝඩා ලෙස හඳුන්වනු ලැබේ. නිර්වායු තත්ත්ව වලදී අක්‍රියව සිටීමේ හැකියාව ඇති නෙමටෝඩාවන් බැක්ටීරියා, දිලීර, ශාක මුල්වල යුෂ ආහාරයට ගන්නා බව සොයා ගෙන ඇත. එක් එක් ආහාරයන් ගන්නා නෙමටෝඩා ප්‍රභේද වෙනස් වේ.
පසේ වෙසෙන ක්ෂුද්‍ර ශාක ලෙස සැලකෙන දිලීර කාබනික ද්‍රව්‍ය වලින් ශක්තිය ලබාගන්නා හරිතප්‍රද නොමැති ශාක වේ. ඊස්ට් පුස් හා හතු දිලීර කාණ්ඩයට අයත් වේ. කාබනික පදාර්ථ වියෝජනයේදී මෙන්ම සෙලියුලෝස් හා ලිග්නින් දිරවීමට ද ආධාර කරයි. බොහෝමයක් දිලීර අම්ල පස් ප්‍රිය කරන අතර ශාක මල්වල රෝග ඇති කිරීමට ද ආධාර කරයි.
ඇල්ගී ලෙස හඳුන්වන ශාක ක්ලෝරපීල් සහිත වේ. නීල හරිත ඇල්ගී, රන්වන් ඇල්ගී, හරිත ඇල්ගී, ඩයටම්ස් ඇල්ගී, දුඹුරු ඇල්ගී වර්ග කිහිපයකි.
ඇසොල්ලා ශාකයේ මුල්වල ජීවත් වන ඇනබීනා ගොවියාට ඉතා ප්‍රයෝජනවත් නීල හරිත ඇල්ගී වර්ගයකි. ක්ෂාරීය පසට වඩා ප්‍රිය කරන ඇල්ගී උදා ජ් නෙස්ටෝ කෙකේසි, ගොයම් පැළයට වායුගෝලීය නයිට්‍රජන් ලබා දීමට උදව් වේ. ඇල්ගී පසෙහි වාතනය දියුණු කිරීමටත් පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීමටත් උදව් වේ.
ඇක්ට්නෝමයිසිට්ස්, බැක්ටීරියා හා දීලිර අතර මැදි කණ්ඩායමක් ලෙස සැලකේ. ප්‍රමාණයෙන් බැක්ටීරියා තරම් වන අතර කෙදි වලින් යුක්තය. පහසුවෙන් දිරවීමට ඇක්ටිනෝමයිසිට්ස් උදව් වේ. 350 ක උෂ්ණත්වය ඇක්ටිනෝමයිසිට්ස් වලට ආධාර වන අතර පී. එච්. 6 හා 7 අතර බහුලව ඇක්ටිනෝමයිසිට්ස් ආධාර වේ.
බැක්ටීරියා පාංශු ක්ෂුද්‍ර ජීවීන් අතර ඉතාමත් වැදගත් කොටස ලෙස සළකන්නේ කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය, සල්පර් චක්‍රය, ජීව රසායනික ක්‍රියාවලියන් හිදී ඉටු කරන කාර්යභාර්ය සළකා ගෙනය. ඒක ශෛලීය ජීවශේෂයක් වන බැක්ටීරියා ද්වි ඛණ්ඩනය මගින් බෝවීම සිදුවේ. සමහර බැක්ටීරියා රෝග බෝ කිරීමට ආධාර කරන බව පැහැදිලිය. බැක්ටීරියා බොහෝමයක් ස්වායූ බැක්ටීරියා වුවත් මඩ බිම් වල නිර්වායු බැක්ටීරියා ද ජීවත් වේ. පී. එච්. 6 හා 8 අතර ජීවත් වීමට කැමැත්තක් දක්වයි. ගෝලාකාර බැක්ටීරියා හෙවත් (කොකයි බැක්ටීරියා) දඟර බැක්ටීරියා හෙවත් (ස්පයිරල බැක්ටීරියා) දිගටි හැඩැති බැක්ටීරියා හෙවත් (බැසිලයි බැක්ටීරියා) යනාදී වශයෙන් බැක්ටීරියා වර්ග කීපයකි. ස්වයංපෝෂි බැක්ටීරියා අකාබනික ද්‍රව්‍ය ඔක්සිකරණයෙන් ප්‍රාග් පෝෂ බැක්ටීරියා වර්ග කිහිපයකි. ස්වයං පෝෂී බැක්ටීරියා අකාබනික ද්‍රව්‍ය ඔක්සිකරණයෙන් ද ප්‍රාග් පෝෂ බැක්ටීරියා මූලද්‍රව්‍ය උපයෝගීකරගෙන ද විෂම පෝෂී බැක්ටීරියා කාබනික ද්‍රව්‍ය වලින්ද ආහාර ලබා ගන්නා බව සොයා ගෙන ඇත. විෂම පෝෂී බැක්ටීරියා පසේ බහුලව දක්නට ඇත. රෝග බෝ කිරීමට උදව් විය හැකි බැක්ටීරියා සහිත පස් වගා කිරීමට පෙර ජීවානුහෘත කරගැනීම වැදගත්ය.