ශාකවල වර්ධනයට ඉතාමත් අවශ්‍ය සාධකයක් වන ජලය පසේ ඇතිවන රසායනික, භෞතික හා ජීව ක්‍රියාවන් කෙරෙහිද අත්‍යවශ්‍ය වෙයි. පාංශ= ජලය පසේ විවර තුළ රැදී පවතී. මෙම පාංශු ජලය තුළ කාබන්ඩයොක්සයිඩ් හා පෝෂක ද්‍රාවණය වී තිබේ. ජලය අවශෝෂණය කරන විට අවශ්‍ය පෝෂක ද ලබාගැනීමට ශාකවලට උදව් වේ. ශාක ෙසෙල තුළ ශුන්‍යතාවය ඇති කිරීමටද උදව් වන්නේ ජලයයි. ශාක ෙසෙල තුළ ජලය හිගවීමෙන් විශුනතාවය ඇති වී ශාක මැලවී යයි.
පසක ජලය රඳා සිටීම ආසක්තිය හා සංශක්තිය යන ක්‍රියාකාරී බවයන් නිසා සිදුවේ. පසේ ජලය රඳා පවතින්නා වූ ආකාර තුනක් වේ.
1. ජලාකර්ෂණ ජලය
2. ගුරුත්වාකර්ෂණ ජලය
3. කේෂාකර්ෂණ ජලය
ජලාකර්ෂණ ජලය
පස් අංශු වටා ඉතා තදින් බැඳී පවතී. ඇසට නොපෙනෙන මෙම ජල පටලය ශාක මුල් තුළට අවශෝෂණය කර ගැනීමට නොහැකි වේ.
ගුරුත්වාකර්ෂණ ජලය
පසකට රඳවාගත හැකි ශක්තියට වඩා වැඩියෙන් ලබන ජලය ගුරුත්ව බලය නිසා භූගත ජල මට්ටම දක්වා ගලා යාම සිදුවේ. නිදහස් ජලය ලෙසද හඳුන්වන මෙම ජලය ගුරුත්වකර්ෂණ ජලය නම් වේ. ශාකවලට අවශ්‍ය පෝෂක සේදී යාම කෙරෙහි මෙම ජලය බලපායි. එමෙන්ම ශාකවල මුල් මගින් ගුරුත්වාකර්ෂණ ජලය අවශෝෂණය කර ගැන්මට හැකියාවක්ද නැත.
කේෂාකර්ෂණ ජලය
පසේ ක්ෂුද්‍ර අවකාශ තුළ නැතහොත් කේෂික අවකාශ තුළ රඳා පවතින ජලය කේෂාකර්ෂණ ජලය වේ. පසේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධව ඉහළට හා පැතිවලට විසරණය වීමේ හැකියාවක් කේෂාකර්ෂණ ජලයට ඇත. ශාකවලට උරාගත හැක්කේ කේෂාකර්ෂණ ජලයයි
උඳුනක වියළන ලද පසක් තෙත් වායුගෝලයට විවෘත කළ විට පස් අංශු වටා බැඳෙන ජල පටලය ජලාකර්ෂණ ජලය නම් වේ. ජලාකර්ෂක ජලය පසෙන් ඉවත් කිරීමට සෙන්ටිග්‍රේඩ් අංශක 1100 ක පමණ උෂ්ණත්වය පැය 10ක් පමණ ලබාදිය යුතුය.