පස් වර්ග
 

පෘතුවියේ ඇති මෙම පාෂාණ ඇති වූ ක්‍රමය අනුව කොටස් 3කට වර්ග කෙරේ.

1. ආග්නේය පාෂාණ 2. අවසාදිත පාෂාණ 3. විපරිත පාෂාණ

ආග්නේය පාෂාණ හා විපරිත පාෂාණ තැනීමේ දී ප්‍රාථමික ඛණිජ අන්තර්ගත වන අතර (ක්වෝට්ස්, මයික්‍රොලයින්, බයොටයිට්, හෝන් බ්ලේන්ඩ්, ඕගයිට්, මස්කොවයිට්) අවසාදිත පාෂාණ වලදී ද්විතීක ඛණිජ අන්තර්ගත වේ. එම ද්විතික ඛණිජ වනුයේ ගීබසයිට්, හෙමටයිට්, ඇපටයිට්, හිමොනයිට්, ජිප්සම්, ඩොලමයිට් මැටි ඛණිජ සහ කැල්සියම් යනාදිය වේ.

ආගේනේය පාෂාණ

ආග්නේය පාෂාණ ග්‍රැනයිට්, පෙග්මටයිට්, චානොකයිට්, පෙරිඩොටයිට්, ගැබ්රෝ, ඩයොරයිට්, හීසොනයිට් වශයෙන් තවත් වර්ග රාශියකට ඛෙදෙන අතර, ගිනිකඳු පිපිරීමෙන් මතු පිටට පැමිණෙන ලාවා (මැග්මා) සිසිල් වී ඝණ වී සෑදෙන්නක් ලෙස සලකයි.

(මුලාශ්‍රය: "කාබනික ගොවියා")

අවසාදිත පාෂාණ

අවසාදිත පාෂාණ ඇති වන්නේ ආග්නේය හා විපරිත පාෂාණ ජීර්ණය වීමෙනි. ජීර්ණයෙන් රසායනික ද්‍රව්‍ය තැන්පත් වී නැවත බැඳී තද කොටස් බවට පත් වීමෙන් පසු ජලයත් සුළඟත් ආධාරයෙන් වෙනත් ප්‍රදේශවල ඇළ දොළ මුහුදු පත්ලේ හෝ කඳු පාමුල්වල තැන්පත් වීම සිදුවේ. මේවා මත උෂ්ණත්වය සහ පීඩනය බලපායි. එවිට අවසාදිත පාෂාණ ඇතිවේ. ඒ අයුරින් ශාක ද්‍රව්‍ය සහ සත්ත්ව ශේෂ තැන්පත් වීමෙන් ද, අවසාදිත පාෂාණ ඇතිවේ. ග්‍රැනයිට් පාෂාණය ජීර්ණය වීමෙන් ක්වෝට්ස් (තිරිවානා) එය මුහුදු තුල තැන්පත් වීමෙන් සැන්ඩ්ස්ටෝන් (වැලිගල්) ද මැටි නැවත බැඳීම්වලට හසු වීමෙන් ෂේල් පාෂාණ ඇති වේ. සත්ත්ව ශේෂ තැන්පත් වීමට උදාහරණ ලෙස යාපනයේ හුණුගල්ද, ශාක ද්‍රව්‍ය තැන්පත්වීමට උදාහරණ ලෙස ගල් අඟුරු ද දැක්විය හැකි අවසාදිත පාෂාණ වේ.

විපරිත පාෂාණ

අධික තාපය සහ පීඩනය ආග්නේය සහ අවසාදිත පාෂාණ මත බලපෑම මගින්, රසායනික සංයුතියේ ද ප්‍රමාණයන් සහ හැඩයෙන් සිදුවන වෙනස්වීම් නිසා ද භූමියේ සිදුවන චලනයන් නිසාද විපරිත පාෂාණ ඇතිවේ. කඩුගන්නාව, බින්තැන්න, වන්නිය සහ කොළඹ නයිස් යනුවෙන් වැඩිපුර පවතින ප්‍රදේශ අනුව හඳුන්වන නයිස් පාෂාණ ආග්නේය පාෂාණයක් වූ ග්‍රැනයිට් වෙනස්වීම් වලට භාජනය වීමෙන් සෑදී ඇත. මිනිරන් ගල් අඟුරුවල වෙනස්වීමෙන්ද සෑදී ඇති අතර, ස්ලේට් අවසාදිත පාෂාණය වෙනස්වීමෙන් මඩ ගල් ද සෑදී ඇත.

ආග්නේය, අවසාදිත, විපරිත යන මෙම මව් පාෂාණ කැඩීම සහ සංස්ලේෂණය යන ක්‍රියාවලි දෙකෙහි එකතුවෙන් නැතහොත් පීරණය වීමෙන් මව් ද්‍රව්‍ය නම් දේ සෑදේ. එය දිගටම ජීර්ණය වීමෙන් පසක් නිර්මාණය වේ. එම ජීර්ණය සිදුවීමේදී කොටස් වලට කැඩී යාමෙන් භෞතික ජීරණයත්, සංයුතිය වෙනස්වීමෙන් රසායනික ජීර්ණයත් යන ක්‍රියවලින් දෙකක් සිදු විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017