"පස ජාතියේ ධනය" ලෙස සැලකිය හැකි ඉතාමත් වටිනා සම්පත වේ. පස ලෙස හඳුන්වන්නේ පෘතුවි පෘෂ්ඨයේ මතුපිට පවතින ඝණ ද්‍රව්‍ය කොටසයි.
රසායන මුල ද්‍රව්‍ය එකක් හෝ කීපයක් සංයෝග වීමෙන් නියමිත හැඩයක් හා ස්ථීර සංයුතියක් ඇති ඛණිජ සෑදේ. මිනිරන් හෙවත් ග්‍රැපයිට් කාබන් මූල ද්‍රව්‍යයෙන් පමණක් සෑදී ඇත. තිරුවානා නොහොත් ක්වෝට්ස් සෑදී ඇත්තේ සිලිකන් සහ ඔක්සිජන් යන මූලද්‍රව්‍යයන් සංයෝග වීමෙනි. මෙලෙස ඇති වන ඛණිජ වර්ග සමුහනය වීමෙන් පාෂාණ සෑදේ.
හුණුගල් කැල්සියම් ඛණිජයෙන් පමණක් සෑදෙන අතර, ග්‍රැනයිට් පාෂාණය පෙල්ස්පාර්, ඕගයිට් ක්වෝට්ස් හා මයිකා සමුහනය වීමෙන් සෑදී ඇත. මේ පාෂාණ හා එහි අඩංගු ඛණිජ දිගු කාලාන්තරයක් වෙනස් කාල ගුණ තත්ත්ව වලට හා වෙනත් බලපෑම් වලට භාජනය වීමෙන් මව් පාෂාණ සෑදේ.