පාරිසරික පළිබෝධ පාලනය
 

* දැව, අළු දහයිය අළු වලින් ලබාදෙන සිලිකන් හා පොටෑසියම් ශාක ශක්තිමත් කරන නිසා කෘමින්ට හානි කිරීමට අපහසුවේ.
* වැටකොළු, කරවිල පතෝල පන්දලම් සදහා පොල්කොල රැහැන් යෙදීම මගින් ඉල්මැස්සාගේ ගමන් මාර්ගය වෙනස් කල හැකිය.
* මිරිස් සමග ඉගුරු මිශ‍්‍රව වගා කිරීමෙන් කොළ කොඩවීම, තරමක් දුරට පාලනය වන බව සොයාගත ඇත.
* පොලිතින් ග‍්‍රීස් ගා ඇතිරීමක් මගින් වගා කරන භූමියේ කෘමින් ඒවායේ ඇලී මියයයි.
* කැකිල්ල භාවිතා කර සකසන වැටක් හෝ පොල් අතු වැටක් යෙදීමෙන්ද කෘමින්ගේ ගමන් මාර්ග වෙනස් කළ හැකිය.
* වේයන් මර්දනයට අනෝද ඇට කුඩුකර ජලය සමග ඉසින්න.
* ඉඟුරු ග්‍රෑම්. 100 භූමිතෙල් මේස හැදි 01, වතුර ලීටර් 04 (රාත‍්‍රියක් නටන වතුර සමග) තබා පසු දින ඉසීමෙන් වේයන් මර්දනය වේ.
* ඉඳූණු කොච්චි ග්‍රෑම් 100 ජලය ලීටර 10 ක දමා දිනයක් පසුව ද්‍රාවණය පෙරා ඉසීමෙන් දිලීර මර්ධනයට යොදා ගෙන ඇත. සතියකට පසු සුදුලූණු ග්‍රෑම්. 100 ක් මෙලෙසම ජලය ලීටර් 10 යොදා පසුදින ඉසින්න.
* බිලිං, පාවට්ටා, මදුරුතලා, නික, අන්නාසි යන ද්‍රව්‍යද ඉහත පරිදිම භාවිතා කළ හැක.
* කාබනික ද්‍රව්‍ය පසට එක් කිරීම මගින් පසේ සාරවත් භාවය පවත්වා ගැනීම.
* දේශීය තත්වයන්ට උචිත බෝග ප‍්‍රභේද තෝරා ගැනීම.
* සෘතුවලට අනුව බෝග වගාකිරීම.
* බෝගමාරුව අනුගමනය කිරීම.
* පලිබෝධකයන්ගේ ස්වාභිවාක සතුරන් හදුනාගැනීම.
* බෝග විවිධාංගීකරණය.
* වගාබිමේ සනීපාරක්ෂාව ඇතිකිරීම.
* ගොම, ඌරුතෙල්, ගිතෙල්, මී පැණි කල්කයක් ලෙස ශාකයමුලට යෙදීම මගින් ශාක කඳ හානිකිරීම පැමිණෙන කෘමියන්ගෙන් ආරක්ෂා වේ.
* එඩරු කොහොම අංකෙන්ද කැකුණ වැනි පළිබෝධ විෂ සහිත ශාක වගාකිරීම.
* ගැටතුඹ,බැලතණ, වදකහ කොටා ගොම හා මිශ්‍රකර වතුරේ දියකර එම ද්‍රාවණයේ බිත්තර වී දිනක් පමණ ගිල්වා තැබීමෙන් කෘමිහානි අඩුවේ.
* පුරුක්පණුවා මර්දනයට බැලතණ, වදකහ කළුහබරල ගැටතුඹ එකට අඹරාගත් මිශ‍්‍රණයක් සාදාගන්නා. බිත්තර වී ඉසීමෙන් පසු වක්කට තුල එය තබන්න.
* කොළ කන දළඹුවන් මර්දනයට නිදිකුම්බා වරාකොළ සහ කපුරු කොටා සබන්වතුර සමග මිශ‍්‍රකර ඉසින්න. එමගින් කුඩිත්තන්ද මර්දනය වන විට සොයාගෙන ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017