පළිබෝධ නාශකයක් ලෙස කොහොඹ භාවිතය
 

ශ‍්‍රී ලංකාවේ වියලි කලාපයේදී අගෝස්තු/සැප්තැම්බර් කාලවලදී ලබාගත හැකි කොහොඹ බීජ ඉතාමත් වැදගත් වේ.

කොහොඹ වලින් සාදාගන්නා කෘමිනාශක ගොවියාට පාරිභෝගිකයන්ට හෝ වෙනත් සතුනට හානිකර නොවේ. එමෙන්ම කෘමින්, කොහොඹ සාරය යෙදීමේ දි ප‍්‍රතිරෝධි භාවයක් වර්ධනය කර ගැනීම දක්නට නොලැබේ. විදේශ විනිමය ඉතිරි කර ගොවි මහතාට පිළියෙළ කරගත හැකිවීම කොහොඹ වලින් ලැබෙන වාසි කිහිපයකි.

කොහොඹ බීජ භාවිතා කළ හැකි ක‍්‍රම කීපයකි

* කුඩුකල කොහොඹ බීජවල ජලීය නිස්සාරණය
* බීජ වලින් සිඳගත් තෙල්
* තෙල් සිදීමේදි අතුරු ඵලය ලෙස ලැබෙන පුන්නක්කු
* බීජ මදය කුඩු කරගත් කුඩු

කොහොම භාවිතා කිරීමේදි,

* ගස් යට වැටෙන හොදින් මේරූ බීජ එක්රැස් කර ගන්න.
* ඒවා ජලයෙන් හොදට සෝදන්න
* වියලාගත් බීජ ගබඩා කර ගන්න.

කොහොඹ විෂබීජ ජලීය නිස්සාරණය පිලියෙල ගැනීම
මෙහිදි පිටිලෙස සකසන ලද කොහොඹ බීජ ග‍්‍රෑම් 50 ක් වතුර ලීටරයක මිශ‍්‍රකර සකසා ගැනීම අවශ්‍ය වේ.

* හොදින් වියලූ කොහොඹ බීජ තත්ව පරීක්ෂණයට භාජනය කර නරක් වූ (පොත්ත හා බිජ අතර දිලිර සහිත)බීජ ඉවත් කල යුතුය
* කොහොඹ බීජ කොටා මද වෙන්කර අවශ්‍ය පරිදි කිරා ගන්න
* මෙම බීජ පිටි සහිත වන ලෙස සැකසුණු පසු ප්ලාස්ටික් භාජනයකට දමා ලීටර් 1 ක් ජලය මිශ‍්‍ර කරන්න.
* එම මිශ‍්‍රණය හොදින් වසන්න. රාත‍්‍රිකාලයේ එය නිසොල්මනේ තබන්න
* පසුදින හොදින් ජලය සමග මිශ‍්‍රකර පෙරාගන්නන
* අවශ්‍යනම් මේ අවස්ථාවේ ටි පෝල් හෝ සබන් දියර මිශ‍්‍රකර ගැනීමද කල හැකිය.
* පෙරා ගත් මිශ‍්‍රණය (ඉර බැස ගිය පසු) සවස් වරුවේ බෝගයට ඉසීම කරන්න.
* ශාකපත‍්‍ර යටිපැත්ත හා උඩිපැත්ත හොදින් තෙත්විය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017