ගොළු බෙල්ලා
 

ශරීරය තද කටුවලින් ආවරණය වී ඇත. වර්ෂාව සහිත කාලවල වැඩිපුර හානි කරයි. රාත‍්‍රි කාලයේ සැරිසරන මොවුන් දිවා කාලයේ තෙතමනය ඇති ස්තානවල සැගවී සිටි. බිත්තර 150-300 ත් අතර වරකට දමන අතර ඒවා කහපාටය. කුඩාය. දිගැටිය. දිරාපත් වන කාබනික ද්‍රව්‍ය මත තෙතමනය සහිත ස්ථානවල බිත්තර දමයි. දින 14-21 අතර ගොලූබෙලි පැටව් ඇති වේ. එකතුකර විනාශ කිරීම, ගැඹුරට වැලලීම පනල්ලමානික්කම් රා. 2 ක් වතුර ගැ. 5 ක් මිශ‍්‍ර කර විනාඩි 2ක් පමණ ගොළුබෙල්ලන් බහා තැබීම මගින් හානිය අඩුකර ගත හැකිය. බිත්තර විනාශ කිරිම, ඇටිකුකුලන්, බදුල්ලන්, තාරාවන් යොදාගැනිම ද පාලනයට හේතු වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017