(මයිසා ඔපියෝ පේසියෝලයි) විද්‍යාත්මක නාමයෙන් හැදින්වේ.
සුහුඹුල්මැස්සා :-
මි.මි. 2-3 පමණ දිගය. කළුපාටය. දිලිසෙන සුලූය. ඇස්රතුපාටය. පියාපත් විනිවිද පෙනේ. ගැහැණු සතා පත‍්‍ර හෝ බීජ සිදුරුකර බිත්තර දමයි.
බිත්තර :-
අණ්ඩාකාර හැඩයක් ගනී. සුදුපාටය. දින 3 කින් පමණ කීටයන් බිහිවේ. වරකට බිත්තර 200 කට ආසන්න ප‍්‍රමාණයක් දමයි.
කීටයා :-
ලා කහපාටය. මි.මි. 3ක් පමණ වේ. මුල් ආසන්න කද ප‍්‍රදේශයේ පටක ආහාරයට ගනී. දින 10 ක් ආසන්න කාලයක් කීට අවස්ථාව වේ. කීටයා ආහාරයට ගන්නා කොටස් මහත් වී දුඹුරුපාට වේ.
හානිය :-
වර්දණය බාලවීම, ශාකය, ලා කහපාට වීම හානි වු ස්ථාන මහත් වී පුපුරායාම.
පාලනය :-
හොදින් වාගවට සූර්යාලෝකය ලබාදීම, වගාව පිරිසිදුව තබා ගැනීම, නිර්දේශිත රසායන ද්‍රවය යෙදිම.