තිත් කුරුමිණියා
 

එපිලැක්නා පන්කපීටා (තිත් 28)
එපිලැක්නා ඩොඩිකාප් පිග්මා (තිත් 12)

සුහුඹුලා :- රතු දුඹුරුපාටය. ඒ ශරීරය මත කළුපාටින් තිත් ඇත. ඒවා බොහෝ විට රවුම්ය. සමහරවට අර්ධ ඉල්ප්සාකාර වේ.

බිත්තර :- ගැහැණු සතා පත‍්‍රවල යටිපැත්තේ බිත්තර දමයි. මේවා කෙලින් පිහිටුවයි. ලා කහපාට දික් වූ බිත්තර සමූහයක් දමයි. සතියකින් පමණ බිත්තර පිපිරේ.

කීටයා :- කහපාටය. ශරීරයේ සිහින් කෙදි වලින් ආවරණය වි ඇත. ඒවා අතු බෙදී ඇත. රවුම් හෝ ඕවල් ආකාරය. මි.මි. 9 ක් පමණ දිගය. සතිි 3 ක් පමණ කීට කාලය වේ.

පිලවා :- පෝෂ ගත වන්නේ කද පාමුල හෝ පත‍්‍රයේ යටිපැත්තේ හිරුඑළිය නොවැටෙන ලෙසය. ගෝලාකාර මොවුන් මි.මි. 6 ක් දිගය. සතියක් පමණ කල්ගත කරයි.

හානිය :- පත‍්‍ර මතුපිට හෝ පාෂ්ඨිය සූරා ආහාරයට ගැනීමට කරයි. පත‍්‍ර වියළි හැකිලී යාම සිදුකරයි. ළපටි පත‍්‍ර හා
මල්වලට ද හානි කරයි.

පාලනය :- ස්වභාවික සෞඛ්‍යරක්ෂාව සැලසීම
* කෘමින් අල්ලා එකතු කිරීම
* නිර්දේශිත කෘමිනාශක යෙදීම

(c) Shilpa Sayura Foundation 2006-2017