ගොක්මැස්සා (පැච් ඩිප්ලොයිස් ඔරයිසි)
 

සති 2-6 ගොයමට බහුල ලෙස හානිකරයි. පිළවුන්ගේ හානිය නිසා අස්වාභාවික සිහින් බටයක් මෙන් පෙනෙන සුදු ගොබයක් හටගනී. ලූණු පත‍්‍රයට සමාන නිසා රිදි ගොබය යනුවෙන් ද සමහර ගොවින් මෙය හදුන්වයි. මෙමගින් සිදුවන අස්වනු හානිය ඉතා විශාලය.

සුහුඹුල් මැස්සා :- අග 1/4 ක් පමණ දිගය. රතු පාටය මදුරුවකුට බොහෝදුරට සමානය.

බිත්තර :- ගොයම් කොළවල යටිපැත්තේ හෝ පත‍්‍ර කොපුවල බිත්තර දමයි. සමහර විට බිත්තර 200 ක් පමණ දමයි. කීටයා පිටවීමට දින 04 ක් පමණ ගතවේ.

කීටයා :- පැලයේ වැඩෙන ස්ථාන ආහාරයට ගන්නා මොවුන්ගේ කිට අවස්තාව දින 5 ක් සති 3 ක් අතර විය හැකිය.

පිලවා :- කෝෂ ගතවන්නේ සුදුගොබය තුළය. මෙනම අවස්ථාවට සතියක් පමණ ගතවේ. ඉන් දින 2-3 කට පසුව සුහුඹුලන් පිටවිය හැකිය. සමහර වර්ග අහිතකර කාලවලදී තෘණ වර්ගවල ජීවත්වන නිසා පාලනය දුෂ්කර විය හැකිය.

පාලනය
1. දේශගුණික සාධක සැලකිල්ලට ගෙන බෝග වගාකිරිම.
2. කෘමිනාශක භාවිතය නිර්දේශික උපදෙස් මත සිදුකිරීම.

(c) Shilpa Sayura Foundation 2006-2017