කළු මකුණා
 

මෑතකදී තරමක හානිදායකත්වයන් පෙන්වා ඇත.

සුහුඹුලා :- මි.මි. 8ක් පමණ දිගකින් යුත් මොවුන් දුඹුරු පාටට හුරු කළු පාටක් ගනී. උරයේ උල් සහ කහපැහැති තිත් දක්නට ඇත. කෘමියාට ආවේණික ගන්ධය නිසා හදුනාගැනීම පහසුවේ. මාස 4-7 ක් ජීවන කාලයක් ගතකරයි. දවාලට ගොයම පහළ ප‍්‍රදේශයේ යුෂ උරා බොන අතර රාත‍්‍රියට ඉහළ ප‍්‍රදේශයේ යුෂ උරාබොයි. විවිධ පරිසර තත්වලට ඔරොත්තු දෙයි.

හානිය :- නොමේරු කළුමකුණන් හා වැඩුණු සතුන්
* යුෂ උරාබිම
* විෂ සහිත ද්‍රව්‍ය ස‍්‍රාවය
* අග‍්‍රස්ථ මැරියාම
* පත‍්‍ර කහපාට විම
* පසුව රතු දුඹුරු වි මැරියාම
* වර්ධනය බාලවිම
* පදුරු දැමිම අඩුවිම
* කරල කොටසක්වත් සුදපාටවිම
* කරල කුඩාවිම
* තද හානියකදි ගොයම වියළියාම

පාලනය
ගොයම් නොමැතිවූ විට කුඹුරේ සහ නියර ඉරතැලූණු ස්ථානවල රැදී සිටිම නිසා පාල නය තරමක් අපහසුවේ.
* යූරියා පොහොර අධිකලෙස නොයෙදිම.
* කුඹුර සිසෑම හොදින් කිරීම.
* වල්පැළ පාලනය.
* හොදින් හිරුඑළිය වැඩෙනසේ ගොයම් පරතරය තැබිම.
* ස්වභාවික සතුරන් වු වැඩියන්, දිලිර කරබිඞ්, කුරුමිණියන් හා නැබිටි මකුණන්.
* ඉඩමකක් ලෝ ප‍්‍රිඞ් ඩයසිනෝන් භාවිතය අත්හදා බලයි.

(c) Shilpa Sayura Foundation 2006-2017