ගොඩවෙල්ලා
 

ගොඩවෙල්ලා :- (ස්පොඩෙප්ටෙරා මියුරියා) යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මොවුන් ගොයමට බරපතල හානි සිදුකරයි.

හරකුන් කාදමා ඇති ස්වභාවයක් පෙන්නුම් කරමින් ගොයම් කොල හා පැළ ඉක්මණින් කා දමයි. මැදනාරටිය හා කඳ ඉතුරුකරමින් හානිකරන ස්වභාවයක් පවතී. ලෙපිඩොප්ටෙරා ග්‍රෝත‍්‍රයට අයත් සලබයකුගේ කීටයෙකි.

සුහුඹුල් සලබයා :- දුඹුරු අලූපාටට හුරුය. මි.මි. 2කට ආසන්න දිග ශරීරයක් ඇත. ඉදිරියේ පියාපත්වල කළු තිත් දක්නට ලැබේ. රාත‍්‍රි කාලයේ ක‍්‍රියාත්මක වන මෙම සුහුඹුලාගේ ගැහැණු සත්වයා කැදලි කිහිපයකින් යුක්ත බිත්තර 1000 ක් පමණ වරකට දමයි.

බිත්තර :- ගොයම් පැළ හෝ තණකොල මත දමන බිත්තර අලූ පැහැති ලෝමවලින් වැසී ඇත. දින 3-4 කින් බිත්තරවලින් කීටයන් පිටවෙති.

කීටයා :- කොළපාට හුරු නිසා ගොයම් කොළවල සිටින විට බලා ගැනීම දුෂ්කරය. මැදනාරටියට ආසන්නව කොල පාට රේඛාවන් පැහැදිලිව පෙනේ. සති 2-3 අතර කීට අවස්ථාව ගත කරයි.

පිලවා :- පසෙහි තනා ගන්නා පිලා කෝෂයක පිලා කාලය ගතකරයි. දින 10-12 අතර සලබයකු බවට පත්වේ.

පාලනය
1. ගොඩවෙල්ලන් සිටීද යන්න නිතර පිරික්සීම.
2. නිර්දේශිතක කාලයට වී වැපිරීම.
3. හානිය පැතිරි ඇතිවිට ජලමට්ටම ඉහල නංවා පැලමතුපිට ලණුවක් ඇදගෙන ගොස් සතුන් ජලයට වැටීමට සැලැස්වීම.
4. ආලෝක උගුල් ඇටවීම.
5. මර්දනය සඳහා සංස්ථානික කෘමිනාශක භාවිතය.

(c) Shilpa Sayura Foundation 2006-2017