සිංහලයේ අනාගත ක්‍රියා නොමැති යයි සැලැකේ, ඇත්තේ අතීත හා අනතීත එනම් අතීත නොව කාලාත්‍ර දෙකකි. අනතීත යන්න වර්ථමාන හා අනාගත ස්වරූප දෙකටම යොදාගත හෑක.
අනාගත ස්වරූප භාවිතාවන අවස්‌ථා පැරණි සාහිත්‍ය ග්‍රන්ථ තුළ හමුවේ.
සම්භාව්‍ය සිංහල සාහිත්‍ය සම්ප්‍රදායානූගත භාෂා ප්‍රයෝගයන් ලෙස ඒවා දැක්විය හැක.
කෙරෙමි ගෙයි වාදය - ගුත්තිලය
මම ද එමි එන දින -ගුත්තිලය
ශිල්ප සත්වන දවස දක්‌වමි -ගුත්තිලය
එහසුන් පැසුළු පවසමි - සැලළිහිණිය
මැරෙන සැටි මම පෙන්වමි
අපි හෙට එහි යමු
අද රාත්‍රී සිට ඇඳිරි නීතිය පනවා තිබේ.
ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි
වැසි ද එයි. මෙහි 'ද' එකතු කිරීමෙන් අනාගත කාලය ලබාගෙන ඇත.
මේවා වියරණය තුල සිට කරණ අලංකාර ක්‍රියා පෙරළි ලෙස හැඳින්විය හැක. මේ අනුව අනාගත කාලය සඳහන් කිරීමට වියරණයේ බාධාවක් ඇති බව නොසැලකේ.