* ශාක කොටස් කා දමන කෘමින් :
ලෙපිඩොප්ටෙරා කීටයන් ගේ සහ ගුල්ලන් ගේ මෞඛ උපාංග සපා කෑම සදහා සැකසී ඇත.
* විද යුෂ උරා බොන කෘමින් :
පස් මුළු මකුණා, බණ්ඩක්කා රතු මකුණා, ගොයම් මැස්සා, පැලකීඩෑවා, වැනි පළිබෝධකයන් විද යුෂ උරා බීමට හැඩ ගැසී ඇත.
සයිපන ආකාරයෙන් යුෂ උරා බොන කෘමින් :
අධෝහණු නොනැවතෙන මොවුන්ගේ ශුණ්ඩාව නම් විශේෂ අවයවයක් මගින් උරා බිම සිදුවේ. සමනළයින්ට හා ෂලබයින්ට මෙවැනි උපාංග සහිතය.
සයිපන ආකාරයේ යුෂ උරා බොන බෞබ උපාංග
ලෙවකන ආකාරයේ මෞඛ උපාංග සහිත කෘමින් :
ඉල්මැස්සා, පළතුරු මැස්සා වැනි සතුන් ගේ මෙවැනි මෞබ උපාංග සැකසී ඇත. ලෙවකන ආකාරයේ උපාංග
හානිකර කෘමින් යැපෙන ආකාරය අනුව ප‍්‍රධාන කොටස් දෙකකි.
1. සිදුරු කිරීමෙන් හා උරාගැනිමෙන් යැපෙන්නෙන්
2. සපා කෑමෙන් යැපෙන්නන්
1. සිදුරුකිරීමෙන් හා උරාබිමෙන් හානිකරන කෘමින්
(අ) සෘජුලෙස
(ආ) වක‍්‍රලෙස බෝගවලට හානිපමුණුවයි
(අ) සෘජු ලෙස කරන හානිනම් ඔවුන් ඇති කරන සිදුරු, පටක අක‍්‍රියකොට විකෘතින් ඇති කිරිමය. කුඩිත්තන් මගින් සිදුවන පත‍්‍ර හැකිලීම මීට උදාහරණයකි. යුෂ උරාබීම නිසා පටකවල වර්ධනය බාලකරයි. බේටයේ ඇති විෂ පත‍්‍රවල නොයෙකුත් පුල්ලි ඇතිකරයි. දුර්වර්ණ වීම සිදුකරයි. විකෘති ඇති කරයි. පිටිමකුණා මගින් අන්නාසි යුෂ උරාබීමෙන් සිදුවන මැලවීම මීට හොද උදාහරණයකි.
(ආ) වක‍්‍ර ලෙස කරන හානි
යුෂ උරාබීමෙන් ශාකවල ඇතිවන සිදුරු තුළින් රෝග කාරකයන් ඇතුළුවීම සිදුවේ. මිරිස් කොල කොඩවීමේ වෛරසය මෙලෙස ශාකයට ඇතුලූවීම උදාහරණ ලෙස දැක්විය හැකිය.
2. සපා කන කෘමින්
(i) පත‍්‍ර හා කදන්වලට හානි පැමිණ විම
උදා :- ගොඩවෙල්ලා ගේ හානිය
(ii) ගොයම් අපිචර්ම අතර මෘදුස්තර පටක තුල වාසය කිරීම
උමං වැනි ව්‍යුහ ඇතිවීමක් ලොකු පැල්ලම් හෝ වියලී යන සිව් ඇතිවීමක් සිදුවේ.
(iii) කඳ හෑරීමෙන් හානිවීම
පත‍්‍රවල සිට කඳ හරහා පටක හෑරීම නිසා වර්ධනය බාලවීම සිදුවේ. පුරුක් පමුණුවාගෙන් ගොයමට වන හානිය මෙයට හොද උදාහරණයකි.
(iv) කරල් හා ගෙඩිවලට හානීවිම
ඩිප්ටෙරා, ලෙපිඩොප්ටෙරා කීටයන් බොහෝ විට මදය කා දමමින් හානිකරන අතර බීජවලට ද හානි කාරකවේ.
(v) මුල්වලට හානි කිරීම
මුල් කොටස ආහාරයට ගනිමින් පසේ වාසය කරන සත්වයන් මෙම කාණ්ඩයට අයත්වේ. කුහුඹුවා සහ වේයා මෙලෙස හානි කරන සත්ව කොටසකි.