ශාක වලට හානිකරන සතුන්
 

ලෝකයේ සත්ව වර්ග 9,50000 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. ඉන් අඩක් පමණ සන්ධීපාදකයන් වේ. (ආත්‍රොපෝඩා වංශිකයන් ලෙස කෘමී පළිබෝධකයන් සලකනු ලබයි. කෘමින් අයත් වනුයේ ඉන් සෙක්ටා වර්ගයටය. කෘමීන්ට අයත් ලක්ෂණ කීපයකි.
* හිස, උරස, උදරය යන ලෙස බෙදී පැවතිම
* ස්පර්ශක හා මෞඛ උපාංග සහිත වීම
* උදරය සලාකවලට බෙදී තිබීම

කෘෂි ආර්ථික ක‍්‍රියාවලියේදි බෝගවලට හානිකරන කෘමින් මෙන්ම ප‍්‍රයෝජනවත් කෘමින් ද වේ .
උදා :- මී මැස්සා


ගොවිපළ සතුනට හා බෝගවලට හානිකරන ඉහත දැක්වෙන කෘමින්ද ඇතුලත් සත්ව කාණ්ඩය පළිබෝධකයන් ලෙස හදුන්වා දිය හැකිය. නමුත් පළිබෝධ පාලනයකදී හානිකර පළිබෝධකයකු ලෙස සළකනු ලබන්නේ ආර්ථික ඵලදායි මට්ටමකට ඉහළින් පලිබෝධ ගහණයක් සිදුවු අවස්ථාවලදී වේ.

මෙම අවස්ථාවේදි පළිබෝධගණය ස්වභාවික සතුරන්ගේ ග‍්‍රහණය ඉක්මවා යයි. ස්වභාවික සතුරන් මගින් පළිබෝධ පාලනය වන්නේ සමතුලිත මට්ටමේදීය. පළිබෝධ උවදුර ස්වභාවික සතුරන්ගේ මට්ටමට වැඩි වූ විට ආර්ථික දේහලිය මට්ටම නම්වේ. එය ආර්ථික ඵලදායි මට්ටම ඉක්මවායාමේ ආරම්භයයි.

ඉන් ඉහළට පත්වන පලිබෝධකයා හානිදායකවනුයේ, ආර්ථික හානිදායක අවස්ථාවට (E.D.L) පත්වේ. පළිබෝධ උවදුර ඉන්පසු තවදුර වර්ධනය විමෙන් වසංගත තත්ත්වයට පත්වේ. එවිට ස්වභාවික සතුරන් ඉතා අඩුවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017