මෙය සමූලඝාතනය ලෙසද හදුන්වයි. පළමුව පෙන්වා දෙන ලද ක‍්‍රියා මාර්ග තුලින් රෝග පාලනය අපහසු නම්, රෝග මර්ධනය සදහා වගා ආරක්ෂණ පිළිවෙත් ක‍්‍රියාවට නැගිය යුතුය.
එහිදි කරනුයේ රෝග කාරකයාත්/ධාරක ශාකයත්, (බෝගය) අතරට බාධකයක් යෙදවීමයි. මින් රෝග කාරකයාගේ ගුණනය හා තහවුරු වීම වැලකේ.
රෝග කාරකයාගේ පැවැත්මට පරිසරය යහපත්වන අවස්ථාවලදී රසායනික බාධකයක් යෙදීම අවශ්‍යවේ. එහෙත් එය කළ යුතු වන්නේ, විකල්ප ක‍්‍රියාමාර්ග අයහපත් බව හැගේනම් පමණි.
රසායනික බාධක සදහා රෝග කාරකයන්ට විෂ වූ රසායන ද්‍රව්‍යයන්
උදා:- දිළීර නාශක බැක්ටීරියා නාශක යෙදීම, සිදුකරයි. නමුත් මෙම ක‍්‍රියාවලිය පරිසරයට හානිදායක බව හා අධික වියදම් සහිත බව සැලකිල්ලට ගෙන ඉටු කර ගත යුතුය. බෝග සනීපාරක්ෂක ක‍්‍රම යොදා ගැනීම මේ නිසා ඉතා වැදගත්ය. රෝග පාලනය සඳහා යොද ගත හැකි තවත් ක‍්‍රමයක්ද වේ. එනම් ප‍්‍රතිශක්තිකරණය යොදා ගැනිමයි.