ශාක රෝග වැළැක්වීම් ක‍්‍රියාමාර්ග
 

බැහැර කිරිම හා නිශේධනය යනුවෙන්ද මෙය හදුන්වා දිය හැක.
* රෝග බීජ ව්‍යාප්තිය සුළඟ මගින් සිදුවේ නම් වැලැක්වීම තරමක් අපහසුවිය හැකිය.
* වගා රහිතව පවතින කාලවලදී රෝග බීජාණු පවතින ස්ථාන සොයා එම ස්ථාන සොයා එම ස්ථාන අවම කිරීම හෝ ඉවත් කිරීම වැදගත්ය.

මේ සඳහා බෝග ලක්ෂණ හංගාගෙන සිටින රෝග පාති‍්‍රවූ ශාක කොටස් හා වාහකයන් ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතුය.

ප‍්‍රදේශයේ ඇති වෙනත් රෝග පාත‍්‍රිගාවන් ගැනද, අපගේ අවධානයට ලක් නොවන වගා අතරතුර වැඩෙන ආන්තුක පැළෑටි ගැනද සැලකිලිමත් විය යුතුය.

එමෙන්ම රෝග බීජ තැන්පත්ව ඇති මුදල්, අතු පත‍්‍ර හෝ බිජ වගා භූමියට හානිකරයි. ඒවා ඉවත්කල යුතුය. බීජ හා රෝපණ ද්‍රව්‍ය පරීක්ෂා කිරීම, සහතික බීජ වර්ග නිපදනවා ගැනීම බීජ ප‍්‍රතිකාරක කිරීම, වැදගත්ය.
* රෝගයට ඔරොත්තු දෙන ප‍්‍රභේද වගාකර ගැනීම ඉතා අවශ්‍ය වේ.
* පරිසරය පාලනය කරගැනීම (උදා :- මුංඇටවල මලකඩ රෝගය ආර්ද්‍රතාවය අධිකවීම නිසා බහුලව ක‍්‍රියාකාරි වේ. වගාකාලය පෙරට ගෙන රෝග පාත‍්‍රිවිම කල් දැමිය හැකිය)
* වැලැක්වීමේ ක‍්‍රියාමාර්ග මගින් ප‍්‍රාථමික ආසාදන බොහෝ දුරට මර්දනය කරගත හැකිය.

මෙම ක‍්‍රියාවලිය එක් ප‍්‍රදේශයකට පමණක් සීමා නොකර රටකින් රටකට රෝගය ඒම වලක්වා ලීමේ ක‍්‍රියාමාර්ගයද ගත හැකිය.
කෝපි මලකඩ රෝගය ශ‍්‍රී ලංකාවේ ඇතිකල තර්ජනය ඉතිහාසය පැහැදිලිව දක්වා ඇති අතර, අර්තාපල් වටපණු රෝගය මෑතකදී ශ‍්‍රී ලංකාවේ අර්තාපල්වලට බරපතල ලෙස තර්ජනය කරමින් පවතී.

මෙවැනි රෝග රට තුළට ඇතුලූවීම හා ව්‍යාප්තිය වැලැක්වීමට නිරෝධායනය නම් වූ නීතිය පදනම් කරගත් ආරක්ෂක වැඩ පිළිවෙලකි. ඒ පිළිබඳ ක‍්‍රියාත්මක අවබෝධයක් ලබාගැනිම රටවැසියාගේ යුතුකම වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017