රෝග කාරක
සමහර රෝග කාරක ආහාර රැස් කරන ස්ථානවලට හානිකරයි. කැරට් වලට මෘදු කුණුවිම ඇතිකරන, අර්වීනියා කැරටවෝරා, එයට හොද උදාහරණයකි.
දියමලංකෑමේදි ආක්‍රමණය සිදුවන්නේ බොහෝවිට බීජ මූලයට වේ. ජලය උරා ගැන්මේ පටක අවහිර කිරීමෙන් තියලාවී ඔප්සිස් බැසිකෝලා දුම්කොල ශාකයේ මුල් කුණුවීම ඇතිකරයි. හිටුමැරීමේ රෝගය ඇතිකරන බැක්ටීරියා ජලය ගෙනයන පටක අවහිර කරයි.
හෙම්ලියා වැස්ටාටි‍්‍රක්ස් දිලීරය ආක‍්‍රමණය කරනු ලබන්නේ පත‍්‍රයයි. ශාක පටකවලින් ආහාරගෙන වෙනස් පටක සෑදීමට වෛරස් රෝගකාරකයන් උදව්වේ.
රෝග පාලනය
රෝග පාලනය සඳහා වැදගත්වන්නේ රෝග ත‍්‍රිකෝණයේ ඇති සම්බන්ධතාවය බිඳ දැමීමයි.
1. රසායන ද්‍රව්‍ය යෙදීමෙන් කරනුයේ රෝග කාරකයාට එක එල්ලේ ප‍්‍රහාර එල්ල කරීමයි.
2. ශාක අභිජනනය වැනි ක‍්‍රම යොදා ගැන්මෙන් කරනුයේ දාරක ශාකයේ යම් ගුණාංග වෙනස්කොට, රෝගයට ඔරොත්තු දීම, රෝගය දුර්වල කිරීමේ හැකියාව ලබාදීම, හෝ රෝගයේ ක‍්‍රියාකාරීත්වය විනාශ කිරීමේ ශක්තිය ලබාදීමයි.
3. ඇතැම්විට පරිසර තත්ව වෙනස්කර පැළෑටි රෝපණය කරයි. එසේ කරනුයේ පරිසර සම්බන්ධතා මගින් රෝගකාරකයා අතර ඇතිවන සම්බන්ධතා බිඳ වැටීමටයි. රෝග පාලනයේදී අප විසින් කළයුතු කාර්යයන් 03 ක් වේ.
4. යම් රෝග කාරකයෙක් ශාකයකට ඇතුළුවීම වැලැක්වීම.
5. රෝගයක් ඇතුළුවී නම් එය ව්‍යාප්තිය සීමාකර ගැනීම.
6. රෝග කාරකයා සහමුලින්ම තුරන් කිරීම.