බැක්ටීරියා රෝග හා ලක්ෂණ
 

1. ශාක පත‍්‍රවල/එළවළු පුල්ලි ඇතිවීම.
තෙත් පුල්ලි වෘත්තාකාරව හෝ කෝණාකාරව ඇතිවිය හැකිය මෝරනවිට පුල්ලි වටා (රැස්වලල්ලක් මෙන් දක්නට ලැබෙයි) පටක විනාශ වී කුණු වී යාම හෝ පටක හැලී යාමෙන් සිදුරු ඇතිවීමද දැකිය හැකිවේ.
2. ශාකවල තෙත්/මෘදු කුණුවිම ඇතිවීම.
බැක්ටීරියා ස‍්‍රාවය කරන එන්සයිම නිසා පටක විනාශවෙයි. ඒ ස්ථාන දියාරු ස්වභාවයක් ගෙන තෙත් හෝ මෘදු කුණුවීම ඇති කරයි. මෙම නිසා වර්ණය වෙනස්වීමත් දුර්ගන්ධයක් ඇතිවීමත් සිදුවිය හැකිය.
3. සනාල පටක මැලවීම.
ශාකයේ අවශෝෂණ ඉන්ද්‍රියයන් කරා සංක‍්‍රමණය වන බැක්ටීරියාවක් සනාලමාර්ග අවහිර කරයි. දුර්වර්ණවීම, කුණුවීම, බැක්ටීරියා මගින් ස‍්‍රාවය කරන එන්සයිම හෝ විය වර්ග නිසා සිදුවේ. පැල කහපාට වීම, කුරුවීම, ඉබේ මැරීයාම සිදුවේ.
4. ගැටසහිත කොටස් ඇතිවීම.
බැක්ටීරියා වර්ග සෛල වර්ධනය උත්තේජනය කරන නිසා කඳේ අතුවල හෝ සෛල අක‍්‍රමවත් වී සන්නායක පටකයක් විනාශ වෙයි. ඒවා ශාකවල ගැටමය ස්වභාවයක් පෙන්වයි.
5. අංගමාරය හෙවත් ශාක කොටස් මැරීයාම
නාරටි දැඩි ලෙස ආක‍්‍රමණයක් බැක්ටීරියා මගින් සිදුවේ. පත‍්‍ර, මෙමගින් ශ‍්‍රාවය වන විෂ හෝ එන්සයිම නිසා කොටස් වශයෙන් මැරේ. මෙම මැරීයාම කඳ ප‍්‍රරෝහ හෝ ඵල දක්වා පැතිරිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017