පුරාතන හැදින්වීම අනුව ඕනෑම ක්ෂේත‍්‍රයක වගාකරන ලද බෝගය හැරුනුවිට අනිකුත් සියලූම පැළෑටින් වල්පැලෑටි ලෙස සලකනු ලබයි.
මේ අනුව මල් වගාකරන ලද භූමියක ඇති ගොටුකොල පැලයද වල්පැලෑටි ලෙස සැලකේ. නූතනයේ ජෛව විවිධත්ව රැකගැනීම මූලික අරමුණ කොට එය අවධෘරණය කර ගනිමින් වල් පැලෑටි හදුනාගත යුතු වේ.
වල්පැළෑටිවල ලක්ෂණ
* බීජ විශාල ප‍්‍රමාණයක් නිපදවීම කරයි.
* බොහෝ වල්පැළෑටි භූගත හෝ වර්ධක කොටස් මගින් බෝවීම සිදුවේ.
* බොහෝ වල් පැළෑටි ජීවන චක‍්‍රය එක් සෘතුවකදී අවසන් කරන තත්වයක් පවතී
* බීජ ව්‍යාප්තියට මනාලෙස අනුවර්තනය වී ඇති අතර බීජවල ජීව්‍යතාවය දිගුකකල් පවත්වා ගනියි.
* දුෂ්කර කාලගුණයන්ට බහුලව ඔරොත්තු දෙයි.
වල්පැළෑටිවල ප‍්‍රයෝජන
* ඖෂධීය ගුණයන්ගෙන් යුත් ශාකයන් වියහැකිය.
උදා :- පිටවක්කා
* ජාන සංරක්ෂණය සඳහා අවශ්‍ය ශාකයක් විය හැකිය.
* පසට කාබනික ද්‍රව්‍ය ලබදීම.
උදා : කැප්පිටියා
* පාංශූ සංරක්ෂණයේ ලා ආධාරවීම.
උදා :- තෘණ වර්ග
* සමහර වල් පැළෑටි කෘමින්ට විෂ සහිත ද්‍රව්‍ය නිකුත් කරයි.
* සමහර වල් පැළෑටි පසට නයිට‍්‍රජන් ලබාදෙයි.
උදා :- නිදිකුම්බා