මේ අනුව, ශාක වර්ගීකරණයක් යම් පදනමක් සහිතව කෙරෙන්නේ නම් එය ශාක පිළිබඳ අධ්‍යයනයට පහසුවිය හැකි බව උද්භිත විද්‍යාඥයින්ගේ අදහස විය. ශාක වල අභ්‍යන්තර සහ බාහිර ලක්ෂණ පදනම් කරගෙන එවැනි වර්ගීකරණ ක්‍රම රාශියක් අද ඉදිරිපත් කර ඇත. ස්විඩන් ජාතික ලීනියස්ගේ ද්විපද නාමකරණය, අද ද ඉතා වැදගත් වේ.
ද්වි පද නාමයක මුල් වචනය ගණ නාමය වේ. දෙවැනි කොටස සුළු නාමයයි. උදාහරණයක් ලෙස ඔරයිසා ගණ මය වී වලට යොදන අතර සුළු නාමය සැටයිවා නමින් හැඳින්වේ. ඒ අනුව වී වලට ඔරයිසා සැටයිවා යන විද්‍යාත්මක නාමය යොදනු ලැබේ.ගණනාමයක් ඉංග්‍රීසි කැපිටල් අකුරුවලින් පටන් ගනී. සුළු නාමය හා සෙසු අකුරු සිම්පල් ඉංග්‍රීසි වලින් ලිවීමේ සම්මතයක් ඇත.
ලීනියස් ගේ මෙම වර්ගීකරණයද ඇතුලත්ව සියලූ වර්ගීකරණයන් කෘති්‍රම වූ නිසා ශාක පිලිබඳ දැනගැනීමට ඇති සියලූ ලක්ෂණ සැලකිල්ලට ගෙන ස්වාභාවික වර්ගීකරණයක් සැකසීම අවශ්‍ය විය. (නූතන ශාක වර්ගීකරණයක් මහාචාර්ය ආර්. එන්. ද පොන්සේකා මහතා "වර්ගීකරණය ජ් නාමකරණය හා ශාක කුල" විද්‍යාලංකාර මුද්‍රණයේ දක්වා ඇත.)
උද්භිත විද්‍යාත්මකව සිදුකරන ලද වර්ගීකරණයන් කෘෂිකාර්මික වර්ගීකරණයට ද යොදා ගත හැකිය.උද්භිත විද්‍යාඥයන්ගේ ශාක වර්ගීකරණයට ද ප්‍රධාන කාණ්ඩ 7කට ශාකවර්ග කර ඇත. කාෂිකාර්මික වශයෙන් අපට ඉතා වැදගත් වන්නේ ට්‍රැකියෝපීටා කාණ්ඩයේ ටෙරප්සීඩා උපකාණ්ඩය බව හඳුනාගත හැක. එමෙන්ම දිලීර සහ ඇල්ගී අයත් කාණ්ඩයන්ද කෘෂිකාර්මිකයන්ට ඉතා වැදගත් වේ.
ශාකයක වර්ගීකරණ අනුපිළිවෙළ
කාණ්ඩය - ට්‍රැකියෝපීටා (සනාල ශාක)
උපකාණ්ඩය - ටෙරප්සිටා ගෝත්‍රය - ග්‍රැමිනාලේස්
වර්ගය - ඇන්ජියස්පර්මේ කුලය - ග්‍රැමිනේ
උපවර්ගය - ඒකබීජ පත්‍රී ගණය - ඔරයිසා
විශේෂය - ඔරයිසා සැටයිවා
(මුලාශ්‍ර:- ශාක වර්ගීකරණය ජ. අ. ආ.)